ලගදීම ලංකාවට එන මෝටර් රථ මෙන්න.ගන්න ඉන්න අයට සුබ ආරංචියක්..

Sri Lanka Vehicle Electric mortar car
By Aruna Oct 08, 2021 04:56 AM GMT
Aruna

Aruna

Report

ඉදිරියේදී වාහන ආනයනය කිරීමට තීරණය කරන අවස්ථා වලදී විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථ ආනයනය සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

වායු දූෂණය අවම කරලීම සඳහා ගනු ලබන පියවරක් ලෙස එම තීරණය ගන්නා බවයි පරිසර අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

මේ සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ද අනුමැතිය ලැබී ඇති බව වාර්තා වනවා.

මගී ප්‍රවාහනය සඳහා විදුලි බලයෙන් ක්‍රියාකරන පහත් පතුල් සහිත බස් රථ යොදා ගැනීමටද රජයේ අවධානය යොමු වී තිබෙනවා.

දැනට විදුලි බලයෙන් ක්‍රියාකරන වාහනයක් විද්යුත් ආරෝපණයෙන් පසු ගමන් කළ හැකි උපරිම දුර කිලෝමීටර් 300 ත් 350 ක් අතර වන නිසා කිලෝ මීටර් 550 ක් පමණ ධාවනය කළ හැකි මෝටර් රථ ආනයනය කිරීමටත් අවධානය යොමුවී තිබෙනවා.

එමෙන්ම විදුලි ආරෝපණ මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කිරීමටත් අවධානය යොමු කර ඇති බවයි පරිසර අමාත්‍යංශය පැවසුවේ.

දැනට පුද්ගලික අංශය මගින් විවිධ ස්ථානවල විදුලි ආරෝපණ මධ්‍යස්ථාන 400 ක් පමණ තිබෙන අතර එම සංඛ්‍යාව තවත් 350 කින්වත් ඉහළ නැංවීමේ අවශ්‍යතාවය ද අවධාරණය වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now