ගෑස් රට ඇතුළට ගන්න අලුත් ක්‍රමයක් - නවතම ක්‍රමය කියයි..?

BANDULA GUNAWARDHANA PARLIAMENT GAS REALIZED LASANTHA ALAGIYAVANNA
By Sewvandhi Dec 01, 2021 02:02 PM GMT
Sewvandhi

Sewvandhi

Report

දින කිහිපයකට පෙර සිට හදිසියේ සිදුවන ගෑස් ටැංකි පුපුරායෑම පිළිබඳ පාර්ශව කිහිපයක අදහස් ගැනීමට සහ ඊට විසදුම් විමසීමට වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

පාර්ලිමේන්තුවේදී ඊයේ විපක්ෂය ඉදිරිපත් කළ ප්‍රශ්න කිහිපයක් පිළිබඳව සහ තවත් පාර්ශව කිහිපයක් සම්බන්ධකරගෙන මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහායි මෙම විශේෂ රැස්වීම පැවැත්වුණේ.

මේ සඳහා වෙළඳ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන රැසක නිළධාරීන් මීට එක්ව සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කිහිපයක් මෙම අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කළ අතර හැකි ඉක්මනින් මේ සඳහා පිළිතුරු ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

ගෑස් සංයුතියේ වෙනස් කිරීම වත්මන් පුපුරායෑම් වලට බලපෑමක් කළේද යන්න සහ ගෑස්වල ගඳ සුවඳ පිළිබඳ පරීක්ෂා කර වාර්තාවක් ලබාගෙන ගෑස් වෙළඳපොලට නිකුත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ වාර්තා සති දෙකක් ඇතුළත ලබාගෙන එම නිර්දේශ ඉක්මනින් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද, මෙරටට ගෙන්වන ගෑස් රටට ඇතුලූ කිරීමට පෙර නැව තුළදීම ප්‍රමිතිය පරීක්ෂාකිරීම පිළිබඳවද යම් යම් එකගතාවයන්ට පැමිනිම මෙහිදී සිදුවූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW