විදුලි කාර්මිකයන්ට අලුත් නීති - ප්‍රමිතිකරණය සඳහා බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මකයි

Report

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මෙරට විදුලි ආරක්ෂාව හා සේවා තත්ත්වය ඉහළ නැංවීමේ වගකීම භාරගෙන ඇත.

විදුලි බල ජනනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීමේ සමස්ත ක්‍රියාවලියේදී ආරක්ෂාව සහතික කිරීමට රෙගුලාසි, මාර්ගෝපදේශ හා පටිපාටි සකස් කිරීම මෙන්ම නිවාස හා ගොඩනැගිලිවල විදුලි පද්ධති නිසි ප්‍රමිතියකට අනුව ස්ථාපනය කිරීම සහතික කිරීමට පියවර ගෙන ඇත.

විදුලි ස්ථාපන, නව ස්ථාපන හා අළුත්වැඩියා සිදුකරන විදුලි කාර්මිකයින් ප්‍රමිතිගත කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මෙම ඉහළ කාර්යභාරය හා වගකීම ඉටු කර ඇත.

ගුරු වැටුප් දැන් රජ වෙයි.. 56,000 ගත්ත ගුරුවරුන් 80,000 වැඩි වැටුපක් අද ගන්නවා. - ධම්මික

ගුරු වැටුප් දැන් රජ වෙයි.. 56,000 ගත්ත ගුරුවරුන් 80,000 වැඩි වැටුපක් අද ගන්නවා. - ධම්මික

ශ්‍රී ලංකා විදුලි බල පනතේ වගන්ති අනුව, විදුලි බල සැපයුම් බලපත්‍ර ලාභීන් (ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගම) වෙත නිකුත් කර ඇති සැපයුම් සේවා ගිවිසුම් අනුව, බලපත්‍රලාභීන්ගේ පද්ධතිවලට සම්බන්ධ කෙරෙන විදුලි පද්ධති ස්ථාපනය කළ යුත්තේ සුදුසුකම් ලත් විදුලි කාර්මිකයින් විසිනි.

ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව විසින් ඉංජිනේරු පනතේ වගන්ති අනුව පිළිගත් විදුලි කාර්මිකයින් සම්බන්ධයෙන් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත. එයට අනුව, 2026 වසරේ සිට 2029 දෙසැම්බර් 31 දක්වා සුදුසුකම් ලත් විදුලි කාර්මිකයින් ලෙස පිළිගැනෙන්නේ අවම වශයෙන් විදුලි කාර්මික ශිල්පය සම්බන්ධයෙන් ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම 3 (NVQ 3) හෝ ඊට ඉහළ සුදුසුකම් ඇති විදුලි කාර්මිකයින් පමණි.

ඒ අනුව මේ වසරේ සිට ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කෙරෙන නිවාස හා ගොඩනැගිලිවල විදුලි රැහැන් පද්ධති ස්ථාපනය කිරීමට සුදුසුකම් ලබන්නේ NVQ 3 හෝ ඊට ඉහළ සුදුසුකම් ඇති විදුලි කාර්මිකයින් පමණි.

ඩොලර් මිල තවත් ඉහළට

ඩොලර් මිල තවත් ඉහළට

2030 ජනවාරි 01 සිට සුදුසුකම් ලත් විදුලි කාර්මිකයින් ලෙස පිළිගැනෙන්නේ විදුලි කාර්මික ශිල්පය සම්බන්ධයෙන් NVQ 4 හෝ ඊට ඉහළ සුදුසුකම් ඇති කාර්මිකයින් පමණි.

දැනට විදුලි කාර්මික වෘත්තියේ නියැලෙන බහුතරයකට NVQ සුදුසුකම් නොමැති බැවින්, ඔවුන්ට ද පිළිගත් විදුලි කාර්මිකයින් ලෙස වෘත්තියේ නියැලීමට පහසුකම් සැලසීමේ වැඩපිළිවෙළක් PUCSL විසින් ක්‍රියාත්මක කර ඇත. මේ යටතේ අවම පලපුරුද්දක් (සාමාන්‍යයෙන් මාස 18කට අධික) ඇති විදුලි කාර්මිකයින් සඳහා පෙර දැනුම ඇගයීමේ ක්‍රමය (Recognition of Prior Learning - RPL) හරහා NVQ 3 සුදුසුකම ලබාගැනීමට අවස්ථාව ලැබේ. අවසාන පරීක්ෂණයට පෙර දින දෙකක විශේෂ පුහුණුවක් ලබාදෙමින් ඔවුන් විභාගය සඳහා සූදානම් කෙරේ. විදුලි කාර්මිකයින්ට NVQ 3 ලබාගැනීම සඳහා පැවති විභාග ගාස්තු ඇතුළු වියදම් PUCSL විසින් ආවරණය කර ඇති අතර, මෙම වැඩසටහන නොමිලේ සිදුවේ.

මෙම ලග්න හිමියන්ට විශේෂ දැනුම්දීමක්

මෙම ලග්න හිමියන්ට විශේෂ දැනුම්දීමක්