ලෝක ජනාවාස දිනය වෙනුවෙන් ප්‍රදේශ කිහිපයක ඉදිකළ නව නිවාස ජනතා අයිතියට

By Mithu Oct 08, 2026 09:47 AM GMT
Report

ලෝක ජනාවාස දිනයට සමගාමීව, රජයේ මූල්‍යාධාර මත ක්‍රියාත්මක "තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස වැඩසටහන යටතේ ප්‍රදේශ කිහිපයක ඉදිකළ නව නිවාස ජනතා අයිතියට පත් කිරීම සිදුකෙරිණි.

දිවයින පුරා නිවාස 5,000ක් ඉදිකිරීමේ සමස්ත ව්‍යාපෘතියට අනුකූලව වවුනියාව දිස්ත්‍රික්කයේ ඉදිකළ නිවාස 26ක් ජනතා අයිතියට පත්කිරීම නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

මෙම වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කය වෙනුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මූල්‍යාධාර මත නිවාස 161ක් සහ යුද්ධයෙන් අවතැන්ව නැවත පදිංචි වූ නිවාස නොමැති ජනතාව වෙනුවෙන් නිවාස 247ක් ඇතුළුව මුළු නිවාස 428ක් ඉදිකර ලබාදීමට නියමිතය.

මේ අතර, අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ත්‍රිකුණාමලය ඉලුක්කුකුලම් ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවාස 02ක් ජනතා අයිතියට පත්කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

තත්ත්වය දරුණු වෙයි - ජනතාවට විශේෂ නිවේදනයක් - දැදුරු ඔයේ වාන් දොරටු දෙකක් විවෘතයි

තත්ත්වය දරුණු වෙයි - ජනතාවට විශේෂ නිවේදනයක් - දැදුරු ඔයේ වාන් දොරටු දෙකක් විවෘතයි