ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ මේ වසරේ පළමු මරණ දඬුවම ක්‍රියාත්මක කෙරේ

Report

 ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පළමු මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇත 2000 වසරේ දි වෙළඳසැලක සේවිකාවක ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වු 46 හැවිරිදි ජමාල් හෝවාඩ් මෙලෙස මරණ දඩුවමට ලක්කෙරේ .

පෙන්ටොබාබිටල් නැමැති ඖෂධය භාවිත කරමින් මාරාන්තික එන්නත් ක්‍රමය ඔස්සේ ඔහුට දඬුවම ක්‍රියාත්මක කර ඇති අතර රාජ්‍ය බන්ධනාගාර බලධාරීන් ඔහු මිය ගිය බව තහවුරු කර ඇත.

හෝවාඩ්ගේ නීතිඥයන් අවසන් මොහොත දක්වාම මරණ දඬුවම නතර කරන ලෙස ඉල්ලා සිටියේ පසුගිය සැප්තැම්බර් 30 වනදා ටෙනසි ප්‍රාන්තයේ ක්‍රිස්ටා පායික්ට ලබා දුන් මාරාන්තික එන්නත් දෙකක් අසාර්ථකවීමෙන් පසු ඇති වු ගැටලු පෙන්වා දෙමිනි .