මේ වීසා නීති දැඩි වෙයි - මාලදිවයිනේ සේවය කරන සියලුම විදේශීය සේවකයින්ට හැකි ඉක්මනින් බැංකු ගිණුම් විවෘත කරන්නැයි දන්වයි

Report

මාලදිවයින රජය මඟින් එරට රැකියා සඳහා පැමිණෙන ශ්‍රමිකයින් සඳහා ක්‍රියාත්මක කරනු ලබන වීසා නීති යාවත්කාලීන කිරිමට පියවර ගෙන ඇත.

ඒ අනුව ව්‍යාපාරික හෝ විශේෂ වීසා මත මාලදිවයිනට ඇතුළු වන විදේශීය ජාතිකයින්ට රට තුළ රැඳී සිටියදී රැකියා බලපත්‍ර සඳහා අයදුම් කිරීම වැළැක්වීම සඳහා රජය ව්‍යාපාරික සහ රැකියා වීසා පාලනය කරන නීති දැඩි කර ඇති බව සඳහන්.

එසේම රැකියා බලපත්‍ර ක්‍රියාවලිය කඩිනම් කිරීමට ව්‍යාපාර විසින් ව්‍යාපාරික වීසා අනිසි ලෙස භාවිතා කළ අවස්ථා හඳුනා ගැනීමෙන් අනතුරුව, ස්වදේශ ආරක්ෂක, කම්කරු සහ තාක්ෂණ අමාත්‍යාංශය සංශෝධිත නීති ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙනවා.

ව්‍යාපාරික වීසා යනු කෙටි කාලීන ව්‍යාපාරික අරමුණු සඳහා විදේශීය වෘත්තිකයන් මාලදිවයිනට ගෙන ඒමට සමාගම්වලට ඉඩ සැලසීමයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයම වෙනස් කරමින් ගුරුවරුන්ට විශේෂ වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් - බලපත්‍රය දෙන්නේ මේ ගුරුවරුන්ට පමණයි - අගමැති

අධ්‍යාපන ක්ෂේත්‍රයම වෙනස් කරමින් ගුරුවරුන්ට විශේෂ වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් - බලපත්‍රය දෙන්නේ මේ ගුරුවරුන්ට පමණයි - අගමැති

ඒ අනුව සංශෝධිත නීතිරීති යටතේ, ව්‍යාපාරික හෝ විශේෂ වීසා බලපත්‍රයක් මත රටට ඇතුළු වූ ඕනෑම අයෙකු සඳහා සේවා යෝජකයින්ට තවදුරටත් Expat පද්ධතිය ඔස්සේ වැඩ බලපත්‍ර සඳහා අයදුම් කළ නොහැකි වේ.

එසේම මාලදිවයිනේ සේවය කරන සියලුම විදේශීය සේවකයින් සඳහා හැකි ඉක්මනින් බැංකු ගිණුම් විවෘත කරන ලෙස අමාත්‍යාංශය සේවායෝජකයින්ගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම මාලදිවයිනේ මුදල් අධිකාරිය (MMA) සමඟ ලියාපදිංචි වී ඇති හෝ බලය පවරන ලද බැංකුවක සෑම සේවකයෙකුගේම නමින් ඇති ගිණුම්වලට සේවායෝජකයින් වැටුප් ගෙවිය යුතු වේ.

රැකියා සම්බන්ධ නඩු විභාග කිරීමේදී, කම්කරු සබඳතා අධිකාරිය විසින් වැටුප් ගෙවන ලද වැටුපක් ලෙස හඳුනාගනු ලබන්නේ සේවායෝජකයා එවැනි බැංකුවක සේවකයාගේ පුද්ගලික ගිණුමට මුදල් තැන්පත් කළහොත් පමණක් බව සඳහන්.

මීට පස්සේ මෙහෙම එළවළු, පලතුරු අලෙවිය තහනම් - දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක්

මීට පස්සේ මෙහෙම එළවළු, පලතුරු අලෙවිය තහනම් - දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක්

මෙම පියවරයන් මාලදිවයිනේ නීති විරෝධී ලෙස ජීවත් වන විදේශිකයන් නිසා ඇතිවන සමාජීය හා ආර්ථික අභියෝගවලට මුහුණ දීමේ උත්සාහයේ කොටසක් ලෙස හඳුන්වයි.

මාලදිවයින් පොලිස් සේවය සහ මාලදිවයින් ආගමන විගමන දෙපාර්තමේන්තුව එක්ව රට තුළ නීති විරෝධී ආකාරයට ජීවත්වන අය සහ මාලදිවයින් ජාතිකයන් පෙරමුණු ලෙස යොදා ගනිමින් නීති විරෝධී ආකාරයට ව්‍යාපාර පවත්වාගෙන යන විදේශීය ජාතිකයන් හඳුනා ගැනීමට විශේෂ මෙහෙයුම් සිදු කරන බව සඳහන්.

එසේම විදේශීය ජාතිකයන් පිළිබඳ තොරතුරු රැස් කිරීමට ක්‍රියාත්මක මෙහෙයුමක් මඟින් මේ වන විට 200,000 කට අධික පිරිසකගේ තොරතුරු රැස් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලබන වසරේ සිට, නීති රීති උල්ලංඝනය කරමින් රට තුළ ජීවත් වන ඕනෑම විදේශීය ජාතිකයෙකු තවදුරටත් අවස්ථාවක් ලබා නොදී බලධාරීන් විසින් පිටුවහල් කරන බව සඳහන්.   

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි