රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සියලුම වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන ලියාපදිංචිය අනිවාර්යයි - නව නියෝග හා මාර්ගෝපදේශ

Report

ජ්‍යේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ආයතනගත රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීමට නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම නියෝග හා මාර්ගෝපදේශ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික වැඩිහිටි මහ සභාවේ උපදෙස් හා මඟපෙන්වීම අනුව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය මඟින් සකස් කර ඇති බව සඳහන්.

එසේම ඒවා විෂය භාර අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා වෙත ඉකුත් ඔක්තෝබර් පළමුවැනිදාට යෙදී තිබූ ජාත්‍යන්තර වැඩිහිටි දිනය නිමිත්තෙන් පන්නල නෙදර්ලන්ත - වෙල්කම් විලේජ් පරිශ්‍රයේදී පිළිගන්වා ඇත.

එම අවස්ථාවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2024 දත්ත අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60 ඉක්මවූ ජනගහනය 18% ඉක්මවා තිබෙන බවයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයම වෙනස් කරමින් ගුරුවරුන්ට විශේෂ වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් - බලපත්‍රය දෙන්නේ මේ ගුරුවරුන්ට පමණයි - අගමැති

අධ්‍යාපන ක්ෂේත්‍රයම වෙනස් කරමින් ගුරුවරුන්ට විශේෂ වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් - බලපත්‍රය දෙන්නේ මේ ගුරුවරුන්ට පමණයි - අගමැති

එසේම එම ප්‍රතිශතය ඉදිරියේදී 24% දක්වා ඉහළ යනු ඇති බවට පුරෝකථනය කර ඇති බවද අමාත්‍යවරයා පවසා ඇත. ඊට අමතරව ඔහු අවධාරණය කළේ රාජ්‍ය, පෞද්ගලික, රාජ්‍ය නොවන සහ ස්වේච්ඡා සංවිධාන මඟින් පවත්වාගෙන යන සියලුම ජ්‍යේෂ්ඨ පුරවැසි රැකවරණ මධ්‍යස්ථාන ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අනිවාර්යයෙන් ලියාපදිංචි විය යුතු බවයි.

එසේම එම මධ්‍යස්ථානවල සේවා ප්‍රමිතිය ඉහළ නැංවීමට හඳුන්වා දී ඇති නව නියෝග හා මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමද අනිවාර්ය වේ.

මේ අතර, ආසියානු සංවර්ධන බැංකුවේ ඇමරිකානු ඩොලර් මිලියන 100ක ආධාර යටතේ ඉදිරි වසර තුන තුළ ශ්‍රී ලංකාවේ වැඩිහිටි ආයතනගත රැකවරණ පද්ධතිය පුළුල් කර ශක්තිමත් කිරීමට එකඟතාවකට පැමිණ ඇති බවද අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කර තිබෙනවා.

මීට පස්සේ මෙහෙම එළවළු, පලතුරු අලෙවිය තහනම් - දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක්

මීට පස්සේ මෙහෙම එළවළු, පලතුරු අලෙවිය තහනම් - දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක්

එමෙන්ම දීර්ඝ කාලයක් අබලන්ව පැවති පන්නල නෙදර්ලන්ත - වෙල්කම් විලේජ් පරිශ්‍රය ගැසට් පත්‍රයකින් රජයට පවරාගෙන තිබෙන අතර, ලබන වසරේදී රුපියල් මිලියන 400ක් වැය කර එය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇති බව සඳහන්.

මේ අතර එහිදී 2026 ජාත්‍යන්තර වැඩිහිටි දින ජාතික සැමරුම් උත්සවයට සමගාමීව සමරු මුද්දරයක් නිකුත් කිරීමද සිදු කඅ ඇත.

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි