නව නිවසක් සෑදීමේදී මරු නොවෙයි හිරු සිටින දිශාව බලන්න..
By Sewvandhi
බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී, නව නිවසක් සෑදීමේ දී මරු සිටින දිශාව පමණක් නොව හිරු සිටින දිශාව පිළිබඳව සැළකිලිමත් විය යුතු බව සාක්ච්ඡා වුණා.
ඒ, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් එහි කැඳවූ අවස්ථාවේදී.
එහිදී අවධානය යොමු වී ඇත්තේ, නව නිවෙස් සෑදීමේදී සූර්ය පැනල සවි කිරීමට ස්ථානයක් සැලසුම් කිරීම සම්බන්ධයෙනුයි.
එම ඉදිකිරීම්වලදී හිරු එළිය වැටෙන දිශාවන් පිළිබඳව සැළකිළිමත් නොවන අතර, සූර්ය පැනල සවි කිරීමේදී එය ගැටලුවක් බවටයි කාරක සභාවේදී සාකච්ඡාවට ලක් වුණේ.