ප්‍රධාන අත්‍යවශ්‍යතම භාණ්ඩයක් සම්බන්ධයෙන් නවතම ගැසට් නිවේදනයක්..මිල තවත් ඉහලට..?
සුදු සීනි ආනයනය සඳහා අද (30) සිට නැවත අවසර ලබාදී තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කෙරෙන බව ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
මේ අතර, සහල් මිල පාලනය කිරීම සඳහා පසුගිය 2 වන දා නිකුත් කර තිබූ ගැසට් පත්‍රය හදිසියේම අහෝසි කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පොදු සේවක සංගමය, එහි සභාපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
අදාළ ගැසට් නිවේදනයට අනුව දිවයින පුරා වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙන්දන් සොයා දිවා රාත්‍රියේ අධිකාරියේ සේවකයින් කටයුතු කළ බවයි එම ලිපියෙන් ඔවුන් පෙන්වා දී ඇත්තේ.
මෙලෙස සැළසුමක් නොමැතිව ගැසට් නිවේදන ක්‍ෂණිකව අවලංගු කිරීමේ තත්ත්වය අඛණ්ඩව සිදුවීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ද ඔවුන් සිය ලිපියෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා වෙත දැනුම්දී තිබෙනවා.
කෙසේ වෙතත්, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ගාල්ලේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් සදහන් කළේ ඉහළ ගොස් ඇති සහල් මිල සම්බන්ධයෙන් ඉදිරියේ දී පාරිභෝගිකයින්ට සහනදායී විසදුමක් ලබාදීමට පියවර ගන්නා බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |