නව සංයුතිය සටහන් කළ ගෑස් සිලින්ඩර වෙළඳපොලට..

Sri Lanka Litro New gas silinder
By Aruna Dec 22, 2021 05:33 AM GMT
Aruna

Aruna

Report

ප්‍රමිති ආයතනය නිර්දේශ කළ නව සංයුතිය සටහන් කරන ලද ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලිට්රෝ සමාගම වෙළඳපොලට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ගෑස් සිලින්ඩරයේ ප්‍රොපේන් උපරිම මට්ටම සියයට 30ක් පවතින බව දක්වමින් අදාළ ගෑස් සිලින්ඩර ඊයේ(21) රාත්‍රියේ මෙලෙස වෙළඳපොලට මුදා හැර ඇති බවයි, අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පසුගියදා ලිට්රෝ ගෑස් සමාගම අභියාචනාධිකරණයට පොරොන්දු වූයේ ගෑස් සංයුතිය සඳහන් කරමින් ගෑස් සිලින්ඩර වෙළඳපොල වෙත මුදා හරින බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now