මහ මුහුදේ මාළුකාරයන්ගේ ඔබ නොඇසූ නොවිදී අපූරු කතාව “මාරියා”

Report

මේ දිනවල බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක් වුණ සිනමාපටයක් තමයි “මාරියා” කියලා කියන්නේ . එහි අධ්‍යක්ෂකවරයා අරුණ ජයවර්ධන නම් ප්‍රතිභාපූර්ණ අධ්‍යක්ෂකවරයායි.

මේ වනවිට විට “මාරියා” (The Ocean Angel) චිත්‍රපටය දැන් දිවයින පුරා සිනමා ශාලාවලදී තිරගත වෙනවා. මෙම සිනමාපටය සම්පූර්ණයෙන්ම රූපගත කර ඇත්තේ මහ මුහුදේය. ඒ වගේම එහි තවත් සුවිෂේශීත්වය නම් නළුවන් පමණක් එහි රංගනයෙන් දායක වීමයි.

ඒ වගේම ශ්‍රී ලාංකීය සිනමාවේ අපූරු රංග පෞර්ෂයන් වන හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්(අභාවප්‍රාප්ත), ප්‍රියන්ත සිරිකුමාර, දසුන් පතිරණ හා සුරන් දසනායක යන රංගන ශිල්පීන්ගේ රංගනයෙන් මෙම සිනමා නිර්මාණය සැකසී තිබේ.

ඒ වගේම ඒ නම් ටික දකිද්දිම ඔබට සිතෙනුයේ එක පෙළට සිනමාවේ    අග්‍ර ගණ‍යේ   රංගන ශිල්පීන්  රැසක් මෙහි රංගනයෙන් දායක වන බවයි.

ලාංකීය සිනමාවට ආඩම්බර මොහොතක් - මහේන්ද්‍ර ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට පිදුම් ලබයි

ලාංකීය සිනමාවට ආඩම්බර මොහොතක් - මහේන්ද්‍ර ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට පිදුම් ලබයි

මෙම මාරියා” චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඉන්ද්‍රජිත් සිල්වා විසිනි.  තවද චන්න දේශප්‍රිය ගේ කැමරාකරණයෙන් ද , ඩිලන්ත පෙරේරාගේ සංස්කරණයෙන් ද , දමින්ද මඩවලගේ සහය අධ්‍යක්ෂණයෙන් ද   මෙ සිනමා පටයට සම්බන්ධ වී තිබේ.

ඒ වගේම " මාරියා " තිර රචනය කරන්නේ අරුණ ජයවර්ධන නම් අපූර්ව තිර රචකයායි. චින්තක ජයකොඩිගේ දැනෙන හැගෙන සංගීතයෙන් මෙම සිනමාපටය හැඩ වී ඇත.

 ගැඹුරු මුහුදේ මසුන් සොයා යන බෝට්ටුවක සිටින ධීවරයින් පිරිසක් සහ, මුහුද මැදදී ඔවුන්ට අහම්බයෙන් දක්නට ලැබෙන යම් භෞතික වස්තුවක් නිසා එම ධීවරයින් මුහුණදෙන අනපේක්ෂිත සිදුවීම් සමුදායක් වටා චිත්‍රපටයේ කතාව ගලා යනවා.

ඒ වගේම ඔවුන් ජීවිතයත් මරණය යෙදෙන සටන ගැනත් තවත් අපූරු රහස් ඔබට කියනු ඇත. තවද “මාරියා” චිත්‍රපටය සදහා ජාත්‍යන්තර සිනමා සම්මාන බොහෝමයක් හිමිව ඇත.   

ඔබත් මහ මුහුදේ නැවුම් ත්‍රාසජනක අත්දැකීමක් විදගන්න ළගම ඇති සිනමා හලට යන්න.