ලාංකීය සිනමාවට ආඩම්බර මොහොතක් - මහේන්ද්‍ර ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට පිදුම් ලබයි

Report

ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සහ සිනමා හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ලලිත් රත්නායක යන දෙපළ 36 වැනි සිංගප්පූරු ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී (SGIFF 2025) ලාංකීය සිනමාවට ජාත්‍යන්තර මට්ටමේ තවත් ආඩම්බරයක් එක් කළහ.

ආසියානු වෘතාන්ත චිත්‍රපට අංශයේ (Asian Feature Film Competition) තරගකාරී ලෙස ඉදිරිපත් වූ ' රිවස්ටන්' චිත්‍රපටය වෙනුවෙන්..

එහිදී විශිෂ්ටතම අධ්‍යක්ෂණයට හිමි “Best Director” සම්මානය ලලිත් රත්නායක මහතාටත්, විශිෂ්ටතම රංගනයට හිමි “Best Performance” සම්මානය මහේන්ද්‍ර පෙරේරා මහතා විසිනුත් හිමි කරගනු ලැබුවා. 

එමෙන්ම ලොව කැපීපෙනෙන රටවල් රැසක ශිල්පීන් සමග මෙහි ‘හොඳම රංගනය’ උදෙසා වු සම්මානය වෙනුවෙන් මහේන්ද්‍ර සහ මෙරට නව පරපුරේ දක්ෂයෙකු වන රන්දික ගුණතිලක ද නිර්දේශ වී තිබීම ද විශේෂත්වයක්.

රිවස්ටන් චිත්‍රපටය ජ්‍යාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ තුන්වැනි අවස්ථාව මෙයයි.

මීට පෙර ඉන්දියාවේ 31 වැනි කොල්කටා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ දී සහ චීනයේ 27 වැනි ෂැංහයි අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ දී මෙලෙස එම චිත්‍රපටය සම්මානයට පාත්‍ර වූවා.

මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සිරිකුමාර,ශ්‍යාම් ප්‍රනාන්දු, රන්දික ගුනතිලක ඇතුළු ඇති දක්ශ රංගන ශිල්පීන් ශිල්පිනියන් බොහොමයක් රිවස්ටන් චිත්‍රපටයේ සිය රංගන කෞශල්‍යයෙන් දායක වෙයි.