මේ සිසුන්ට සුබ ආරංචියක් - රජය මගින් වෛද්‍ය අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට තීරණයක්

Report

භූතාන සිසුන්ට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල දන්ත වෛද්‍ය විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ භෞත චිකිත්සාව ඇතුළු සෞඛ්‍ය විද්‍යා ක්ෂේත්‍රවල උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා වැඩි අවස්ථා ලබාදීම පිළිබඳව දෙරටේ අවධානය යොමුවී තිබේ.

2026 සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගී වීම සඳහා භූතානයේ සංචාරයක නිරත අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ භූතාන අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍ය යීසාං දේ තාපා මහතා අතර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇත.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට

ශ්‍රී ලංකාව සහ භූතානය අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම, දෙරටේ රජයන් අතර සෘජු සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව යන ක්ෂේත්‍රවල නව සහයෝගීතා අවස්ථා හඳුනා ගනිමින් දෙරටේම සිසුන්, අධ්‍යාපනඥයින් සහ අධ්‍යාපන ආයතන සඳහා වැඩි අවස්ථා නිර්මාණය කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වය විසින්ම අවධාරණය කරන ලදී.

මෙම සහයෝගීතාව නිල වශයෙන් තහවුරු කිරීම සඳහා අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයන්ට අදාළව අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹීමට දෙපාර්ශ්වය එකඟ වූ අතර, එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා ලේකම් මට්ටමේ ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් ස්ථාපිත කිරීමට ද තීරණය කර තිබේ.

මීට අමතරව, දෙරටේ විශ්වවිද්‍යාල අතර සබඳතා වර්ධනය කිරීම, අධ්‍යයන හා ආචාර්ය මණ්ඩල හුවමාරු වැඩසටහන්, ඒකාබද්ධ පර්යේෂණ, ගුරු පුහුණු වැඩසටහන් මෙන්ම වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම හුවමාරු කරගැනීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු විය.

වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාව ගැන තීරණාත්මක අනාවරණයක් - බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක 6ක් හෙළිවේ

වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාව ගැන තීරණාත්මක අනාවරණයක් - බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක 6ක් හෙළිවේ

එමෙන්ම, ළමා සුරක්ෂිතභාවය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ යාන්ත්‍රණ ශක්තිමත් කිරීම, සිසුන් අතර සදාචාරාත්මක වටිනාකම් ප්‍රවර්ධනය කිරීම සහ දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම පිළිබඳව ද දෙරටේ නියෝජිතයින්ගේ අවධානය යොමු විය.

මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාව සහ භූතානය අතර අධ්‍යාපනික හා වෘත්තීය සබඳතා තවදුරටත් පළුල් කරමින් දිගුකාලීන ද්විපාර්ශ්වික මිත්‍රත්වය ශක්තිමත් කිරීමයි.