හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (04) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදී අදාළ නිලධාරීන් විසින් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයාගෙන් වැඩිදුරටත් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.