ව්‍යවසායකයින් සුබ ආරංචියක්..! ගම් මට්ටමින් කරන්න යන අලුත්ම වැඩේ..
By Sewvandhi
අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් මෙරටට, විදේශ විනිමය ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කිරීමට පියවර ගෙන ඇති බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය කාර්යාලය පවසයි.
ඒ සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීම කෙරෙහි අවධානය යොමුව ඇති බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
පළාත් පාලන ආයතන 341ක් ඒකාබද්ධ කර ගනිමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ හඳුන්වාදීම මගින් ඔවුන්ගේ ආර්ථිකය ඉහළ නැංවීම අදාළ වැඩසටහනෙන් අපේක්ෂා කෙරෙන බව සඳහන් වේ.
ඒ සඳහා අවශ්‍ය පළාත් පාලන ආයතනවල ග්‍රාමීය නිෂ්පාදකයින් හා ව්‍යවසායකයින් තෝරාගැනීමට කටයුතු කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය කාර්යාලය පැවසුවේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |