ධනුෂ්ක කුසල් හා දික්වැල්ලගේ තරඟ තහනම ගැන නවතම තීරණය

By Sewvandhi Jan 07, 2022 11:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ට එරෙහිව පනවා තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මෙම විනය විරෝධී කටයුත්ත සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනය කමිටුව, මෙම ක්‍රීඩකයින්ට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමකට අමතරව රුපියල් මිලියන 10 බැගින් වූ දඩයක් ද නියම කලා. 

 එමෙන්ම එම තරග තහනමට අමතරව දේශීය තරග සඳහා ද මාස හයක තහනමක් පැනවුණා. කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයින් තිදෙනාටම පසුගියදා නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුමැතිය ලබා දුන්නා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha