බෙර වාදන ශිල්පී දුෂ්මන්තගේ ඝාතනයේ තවත් තොරතුරු රැසක් එළියට - අලවංගුවක් ආධාරයෙන් අස්ථි බිඳලා

Report

කැස්බෑව ප්‍රදේශයේදී දුෂ්මන්ත සඳරුවන් නමැති 30 හැවිරිදි විවාහකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් අනාවරණවී තිබේ.

ඒ මෙම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් හිටපු යුද හමුදා සෙබළෙකුද වන මංජු විසින් සිදු කළ අනාවරණයකිනි. එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණේ, දුෂ්මන්ත සිය බිරිඳ සමඟ සමීප සබඳතාවක් ගොඩනඟාගැනීමට උත්සාහ කරන බව තමන් දැන සිටි බැවින් මෙම ඝාතනය සිදු කළ බවය.

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවකයින් හෙට අසනීප නිවාඩු - කරන්න යන දේ මෙන්න

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවකයින් හෙට අසනීප නිවාඩු - කරන්න යන දේ මෙන්න

ඒ අනුව මහනුවර මුරුතලාව ප්‍රදේශයේ පදිංචි, වෘත්තියෙන් බෙර වාදන සහ නර්තන ශිල්පියෙකු වූ ඔහු ඉකුත් නොවැම්බර් 22වැනිදා පස්වරුවේ කැස්බෑව ප්‍රදේශයේ සිටින මංජු නමැති මිතුරෙකුගේ දැනුම්දීම මත කඨින පිංකමක බෙර වාදනය සඳහා සහභාගි වීමට යන බව බිරිඳට පවසා සිය යතුරු පැදියෙන් පිටවගොස් ඇත.

පසුදිනයෙත් සිය සැමියාගෙන් කිසිදු තොරතුරක් නොලැබීම මත ඔහුගේ බිරිඳ පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත ඉකුත් 23 වැනිදා පස්වරුවේ පැමිණිල්ලක් සිදු කළාය.

අනතුරුව කැස්බෑව ප්‍රදේශයට ගොස් මංජු නමැති සිය සැමියාගේ මිතුරා හමුවී සැමියා පිළිබඳ තොරතුරු විමසීමේදී ඔහු පවසා ඇත්තේ දුෂ්මන්ත එහි නොපැමිණි බවය. ඒ අනුව ඉකුත් 26 වැනිදා ඇය කැස්බෑව පොලිසියට ද සිය සැමියාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පැමිණිලි සිදු කිරීමට පියවර ගත්තාය.

හෙට දිනයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු පිළිබඳව විශේෂ දැනුම්දීමක්

හෙට දිනයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු පිළිබඳව විශේෂ දැනුම්දීමක්

එම පැමිණිල්ලට අනුව මංජු නමැත්තා සහ තවත් පුද්ලයින් කිහිප දෙනෙකු කැස්බෑව පොලිස් ස්ථානය වෙත කැඳවා කටඋත්තර ලබාගෙන තිබුණ ද දුෂ්මන්ත පිළිබඳ කිසිදු හෝඩුවාවක් හමුව තිබුණේ නැත.

ඒ අතරතුර දුෂ්මන්තගේ බිරිඳට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබුණේ රුපියල් 120,000 ක මුදලක් ගිනුම්ගත කළහොත් දුෂ්මන්තව නිදහස් කරන බව පවසමිනි. එවන් පසුබිමක, දුෂ්මන්ත අතුරුදන්ව දින 6ක් ගතවීමෙන් පසු ඊයේ (28) රාත්‍රියේ කැස්බෑව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ගමගේ මහතාගේ පෞද්ගලික ඔත්තුකරුවෙකු පොලිස් ස්ථානයට පැමිණ තොරතුරක් ලබාදී තිබුණි.

එහිදී ඔත්තුකරු පවසා ඇත්තේ අතුරුදන්වූ දුෂ්මන්ත, මංජු නමැත්තා සහ ඔහුගේ මිතුරන් පිරිසක් විසින් ඝාතනය කර ඇති බවටය.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ කැස්බෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් මේ පිළිබඳව විමර්ශන ආරම්භ කළ අතර එහිදී දුෂ්මන්ත සිය යතුරුපැදියෙන් මංජුගේ නිවස දෙසට ගමන් කරන CCTV දර්ශන සොයාගැනුණි. එහිදී පොලිසිය හිටපු යුද හමුදා සෙබළෙකුද වන මංජු නමැත්තා අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුගෙන් හෙළිකරගත් තොරතුරු මත තවත් දෙදෙනෙකුද අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය.

සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රධාන සැකකරු වන මංජු නමැත්තා අනාවරණ කර තිබුණේ, දුෂ්මන්ත සිය බිරිඳ සමඟ සමීප සබඳතාවක් ගොඩනඟාගැනීමට උත්සාහ කරන බව තමන් දැනසිටි අතර සිය නිවසට පැමිණි දුෂ්මන්ත හෙරළියාවල ප්‍රෙද්ශයේ පිහිටි දේවාලයක් වෙත රැගෙන ගිය බවටය.

එහිදී මිතුරන් සිව්දෙනෙකු සමග එක්ව දුෂ්මන්ත දේවාලයේ පිටුපස කාමරයකට රැගෙන ගොස් පොලුමුගුරු වලින් පහරදී ඝාතනය කළ බවද ඔහු පවසා තිබේ. ඔහු වැඩිදුරටත් අනාවරණ කර ඇත්තේ අලවංගුවක් ආධාරයෙන් අස්ථි බිඳ සිරුර බෑගයක් තුළ දමා ඝාතනය කළ ස්ථානයට මීටර 500ක් පමණ දුරින් වූ වගුරුබිමට ගෙන ගොස් වළදැමූ බවත්, යතුරු පැදිය සහ දුෂ්මන්තගේ ගමන් මල්ල සැඟවූ බවය.‍

අද (29) පස්වරුවේ ගොඩගැනුණු සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත රැගෙන ගිය අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද පස්වරුවේ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරුණි.

මේ අතර ඝාතනය සිදුකරන ආකාරය එක් සැකකරුවකු විසින් සිය ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර පසුව මකාදමා ඇති අතර එම ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත්කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ගමගේ මහතා සඳහන් කළේ කප්පම් ඉල්ලා මියගිය පුද්ගලයාගේ බිරිඳට ලැබුණු දුරකථන ඇමතුම් සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක බවය.