තත්ත්වය බරපතලයි - රෝහල්වල සැත්කම් සම්බන්ධව අලුත්ම තීරණයක්..

Surgery postponed news decision Sri lanka hospitals economic down
By krishani Apr 19, 2022 10:19 AM GMT
krishani

krishani

Report

ඇතැම් රෝහල්වල දින නියම කරන හදිසි නොවන සැත්කම් සිදු කිරීම කල් දැමීමට සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා කියා සිටියේ ඖෂධ ලබාගැනීමේ ගැටලුවත් සමඟ පවතින තත්වය කළමනාකරණය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.

එසේම රෝහල් පද්ධතිය තුළ මේ වනවිට නොමැති ඖෂධ සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැහැදිළි කිරීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ අත්‍යවශ්‍ය ඖෂධ 646 න් 37 ක් මේ වනවිට නොමැති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join