රාජ්‍ය සේවයට එක්වූ උපාධිධාරීන් ට සුබ ආරංචියක්..සියලු විස්තර..

By Sewvandhi Dec 19, 2021 02:00 AM GMT
Sewvandhi

Sewvandhi

Report

උපාධිධාරීන් 51,000 ක් සඳහා ස්ථිර පත්වීම් ලබාදීම ජනවාරි 03 වනදා ආරම්භ කරන බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කර තිබූ කැබිනට් අනුකාරක සභාවේ සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. 

 රජයේ සංවර්ධන නිළධාරීන් ලෙස එම පිරිස නියමිත රැකියා ස්ථානයේ ස්ථානගත කරන බව ඔහු ප්‍රකාශ කළේය.

වසරක පුහුණුව සම්පූර්ණ කළ 42,500ක පිරිසක් පළමුව ස්ථිර කරන අතර සෙසු පිරිස වසරක පුහුණු කාලය සම්පූර්ණ වීමෙන් පසු ලබන වසරේ අප්‍රේල් මස 01 වනදා ස්ථිර කිරීමට නියමිතය.

ස්ථිර පත්වීම් ලබන රාජ්‍ය සේවකයින් අතරින් කැමති තැනැත්තන් 22,000කට පමණ ගුරු සේවයට එක්වීමේ අවස්ථාව පවතින බවද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

.............................................

You may like this video -:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now