ශ‍්‍රී ලංකාවෙන් නව කොරෝනා ප‍්‍රභේදයක්..?

covid19 delta variety prasanna gunawardhana padhma gunarathna
By Sewvandhi Aug 11, 2021 09:42 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් පැතිර යන නිසා මෙරට තුළින් නව වෛරස් ප්‍රභේදයක් බිහිවීමේ හැකියාව ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.එය පවතින වෛරසය අභිබවා යාමට හැකිවනු ඇතැයි ද සංගමයේ සභාපති වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පෙන්වා දෙයි.

කෙසේ වුවත් බොහෝ ප්‍රභේදයන් පවතින වෛරසය සමග තරග කිරීමට නොහැකි වීම නිසා මතු වීමට ප්‍රථම නැති වී යන අවස්ථා වැඩි බවද ඇය කියා සිටියාය.

අද වන විට මෙරට සෞඛ්‍ය පද්ධතිය උපරිමයට ළඟා වෙමින් පවතින බවත් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගතහොත් එය කඩා වැටීමට ලක්වනු ඇති බව පැවසූ ඇය පවතින තත්ව පාලනය සදහා සංචරන සීමා පනවන්නැයි රජයෙන් තම සංගමය ඉල්ලා සිටි බවත් ඇය කියා සිටියාය. ඇය මෙම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

මේ අතර ගුරු විදුහල්පති ගැටලුවේ සැබෑ ප්‍රශ්නය විසදීමට රජය සූදානම් වුවත් දේශපාලන වුවමනාවන් ඉෂ්ඨ කිරීමට නොහැකි බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ පැවසූයේ මිනුවන්ගොඩදීය.

මුලින්ම කොතලාවල විශ්ව විද්‍යාලයට එරෙහිවයි උද්ඝෝෂණය කළේ. ඊට පස්සේ ස්ටාලින් නිරෝධානය ට යොමු කිරීමට එරෙහිව අරන් ගිය වැඩපිළිවෙළ අවසානයේ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා දඩමීමා කර ගැනීමක් සිදු වුණා.

කොවිඩ් රෝගීන් වාර්තා වීම වැඩි වීමටත් මේ උද්ඝෝෂණ බලපෑවා. ගුරුවරුන්ටත් විදුහල්පතිවරුන්ට තිබුණු සැබෑ ප්‍රශ්නයක් දේශපාලන උවමනාවන් සැබෑ කර ගැනීම සඳහා යොදා ගත්තා.

ගුරුවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය භාවිතා වන ආකාරයකට මේ තත්ත්වය වර්ධනය වුණා. මේ ප්‍රශ්නයට දේශපාලන මුහුණුවරක් දීලා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න උත්සාහ කරපු අය අද එකිනෙකාට චෝදනා කර ගන්නවා.

ගුරුවරුන් විදුහල්පතිවරුත් මේ වෙනකොට ඇත්ත හඳුනාගෙන තිබෙනවා. මේ අසීරු අවස්ථාවේ දරුවන් බිල්ලට නොදී කටයුතු කිරීම ගුරුවරුන්ගේ වගකීමක්. යැයි ද අමාත්‍යවරයා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now