සියළු එන්නත් බල බිඳගෙන නවතම කොරෝනා ප‍්‍රභේදයක් මතුවේ.. අධිවේගයෙන් පැතිරේ..

covid19 WHO vaccination new variant
By Sewvandhi Oct 22, 2021 12:48 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදයේ අනුප්‍රභේදයක් ලෙස ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ‘ඩෙල්ටා ප්ලස්’ (Delta +) නම් නව ප්‍රභේදය ලොව පුරා හිස ඔසවමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි. ඉහළ ප්‍රතිශතයක් එන්නත්කරණයට ලක්වූ රටවලින් මේ වනවිට ඩෙල්ටා ප්ලස් අනු කොවිඩ් ප්‍රභේදය වාර්තා වී ඇත.

ඩෙල්ටා ප්ලස් ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ හැකියාවක් සහිත සංකූලතා වැඩි කොවිඩ් අනු ප්‍රභේදයක් බවද වාර්තා වී තිබේ. මේ වනවිට රටවල් 27ක ඩෙල්ටා ප්ලස් අනු ප්‍රභේදය දැකිය දැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය.

ශ්‍රී ලංකාව ද මේ වනවිට ජනතාවගෙන් වැඩි ප්‍රතිශතයක් එන්නත්කරණයට ලක්කර සිටින බැවින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා කටයුතු කළහොත් ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටද ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බව ඔහු පවසයි.

පවතින සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරන බවක් සමාජයේ පෙන්නුම් කරන බැවින් ඩෙල්ටා ප්ලස් කොවිඩ් අනු ප්‍රභේදය වළක්වා ගැනීමට ජනතාව වඩා අවදානයෙන් කටයුතු කළයුතු බව වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය.

ඩෙල්ටා ප්ලස් අනු ප්‍රභේදය සඳහා කොවිඩ් එන්නත් සාර්ථක ප්‍රතිචාර දක්වනවාද යන්න තවදුරටත් පර්යේෂණ සිදු කරමින් පවතින බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් Subscribe කරන්න.