සෝනි වෙතින් අලුතින්ම හදුන්වා දෙන අලුත්ම විදුලි මෝටර් රථය මෙන්න..

Japan Sony share market Motor car
By Sewvandhi Jan 05, 2022 12:52 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ලොව පුරා පොසිල ඉන්ධන සම්බන්ධයෙන් මේ වනවිට ඇතිව ඇත්තේ සෘණ ආකල්පයකි. ඒ හේතුවෙන් මෝටර් රථ නිෂ්පාදකයින් මේ වනවිට විදුලි මෝටර් රථ කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන පෙනී යන කරුණකි.

මේ වනවිට, ලොව ප්‍රකට සමාගම් ඒ කෙරෙහි අවධානය යොමු කරන්නේ එමගින් ලබාගත හැකි ව්‍යාපාරික වාසි ගැන සලකමිනි. එම තරගයට අලුතෙන්ම එක්වී ඇති සමාගම ජපානයේ සෝනි සමාගමයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඉදිරි මාස කිහිපය ඇතුළත සෝනි සමාගම ඒ සඳහා වෙනම සමාගමක් පිහිටුවීමට නියමිත බවය. එම නව සමාගම Sony Mobility Inc නමින් ලියාපදිංචි කෙරේ. 

 සෝනි සභාපති කෙනිචීරෝ යොශීඩා පැවසුවේ වාණිජමය වශයෙන් විදුලි මෝටර් රථ නිපදවීම සිය අරමුණ බවය.

මෙම පුවත පළවීමත් සමගම ටෝකිiයෝ කොටස් වෙළෙඳපොළෙහි සෝනි කොටස් මිල 4.2%කින් ඉහළ ගොස් තිබුණි. ඇපල් සමාගමද නුදුරේදීම "විදුලි මෝටර් රථ" නිෂ්පාදනයට අවතීර්ණ වෙතැයි වෙළෙඳපොළ ආරංචිමාර්ග පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now