ජෝනිට අලුත් වගකීමක්.... බලය ඉක්මනින් අල්ලන්න සුදානමක්

By Akash May 11, 2025 05:08 AM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව මෙහෙයුම් ප්‍රධානියා ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පත් කර තිබෙනවා.

එම පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කළේ, ඊයේ (10) රැස් වූ දේශපාලන මණ්ඩලයේදී මෙම තීරණය ගත් බවයි.

UPDATE - පුද්ගලයින් රැසකට මරු කැඳවු බිහිසුණු බස් රථ අනතුරේ නවතම අප්ඩේට්..

UPDATE - පුද්ගලයින් රැසකට මරු කැඳවු බිහිසුණු බස් රථ අනතුරේ නවතම අප්ඩේට්..

එසේම, පළාත් පාලන ආයතන සදහා සභිකයන් නම් කිරීම පිළිබද අවශ්‍ය නිර්ණායක සකස් කිරීමට හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේගේ ප්‍රධානත්වයෙන් මෙහිදී කමිටුවක් ද පත් කෙරුණා.

මේ අතර, ඉදිරියේදී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සදහා සහය ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමටද පොදුජන පෙරමුණ කමිටුවක් පත් කර තිබෙනවා.

විපක්‍ෂය ඡන්දෙ ගන්න කුඩු බෙදුවා.. මේ චන්දෙන් ආණ්ඩුව මට්ටු වුණ හැටි.. චතුරංග

විපක්‍ෂය ඡන්දෙ ගන්න කුඩු බෙදුවා.. මේ චන්දෙන් ආණ්ඩුව මට්ටු වුණ හැටි.. චතුරංග

මහ ලේකම් සාගර කාරියවසම්, මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක එහි සාමාජිකයන්.