විපක්‍ෂය ඡන්දෙ ගන්න කුඩු බෙදුවා.. මේ චන්දෙන් ආණ්ඩුව මට්ටු වුණ හැටි.. චතුරංග
මෙවර පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂය ඉතා ප්‍රබල ප්‍රචාරක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බව නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ පවසයි.
පසුගිය ජනාධිපතිවරණයට හා මහ මැතිවරණයට වඩා මෙම මැතිවරණය සඳහා විපක්ෂය වැඩි බරක් යොදා තිබූ බව ඔහු සඳහන් කළේය.
“බඩු ඕනෑ අයට බඩු දුන්නා. බොන්න ඕනෑ අයට බොන්න දුන්නා. කුඩු ඕනෑ අයට කුඩුත් දුන්නා. මම දන්නේ නැහැ අනිත් ආසනවල, විශේෂයෙන් කෝට්ටේ ආසනයේ මාස ගණනාවක් ඒ වැඩ සක්‍රීයව සිදුවුණා,” යැයි ඔහු පැවසීය.
මේ බව ඔහු ප්‍රකාශ කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.