ගැටුම් උණුසුම අස්සෙන් බන්ධනාගාර රැදවියන් 900ක් පැනලා ගිහින්

Report

උත්සන්න වී ඇති ප්‍රචණ්ඩක්‍රියා හමුවේ බටහිර නේපාලයේ පිහිටි බන්ධනාගාර දෙකක රැඳවියන් 900ක් පමණ පලා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

මෙයට හේතුව වන්නේ මේ වනවිට නේපාලය රට තුළ උද්ගතව ඇති දරුණු ගැටුම්කාරී විරෝධතා වාතාවරණයයි.

මේ ආකාරයෙන් නේපාලය පුරාවට උණුසුම් විරෝධතා පැතිර යෑමට හේතුව වන්නේ පසුගිය දිනක නේපාලයේ සමාජ මාධ්‍ය ජාලා 26ක් තහනම් කිරීමට රජය ගත් තීන්දුවයි. එම තීන්දුවට විරුද්ධව නේපාලයේ කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තුව අබියස විරෝධතා ආරම්භ විය.

කථානායකට එරෙහිව විශ්වාසභංගයක්?

කථානායකට එරෙහිව විශ්වාසභංගයක්?

මෙසේ සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව වීථි බැස විරෝධතාවේ නිරතවූ බහුතරය අලුත් පරම්පරාවට අයත් නව යොවුන් තරුණ තරුණියන් වේ.

ඒ අනුව අවාසනාවන්ත සිද්ධි දාමයකින් පසුව සමාජ මාධ්‍ය ජාලා සියල්ල යථාවත් කිරීමට නේපාල රජය පියවර ගෙන තිබුණද ඒ කිසිවක් නොතකා පාලක රජයට දැඩි විරෝධයක් පළකරමින් විරෝධතා අඛණ්ඩව පැවැත්විණි.

ඊයේ (09) රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම එරට හමුදාව ඇතුළු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

උත්සන්න වන ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා මෙම තීරණ ගෙන ඇති බව එරට හමුදාව පැවසීය.