පුද්ගලයන් 19ක් ජීවිතක්ෂයට පත් වීමෙන් පසු නේපාලය සමාජ මාධ්‍ය තහනම ඉවත් කරයි

Report

නේපාල රජය විසින් නේපාලයේ සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට තීරණය කරයි.ඊට හේතුව වන්නේ සමාජ මාධ්‍ය තහනමට විරුද්ධව පැවති විරෝධතාවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියයෑමත් සමගයි.

විදුලි ගාස්තු වැඩි කිරීමක්? යෝජනාව අනුමත වෙයිද?

විදුලි ගාස්තු වැඩි කිරීමක්? යෝජනාව අනුමත වෙයිද?

මෙලෙස නේපාලයේ තරුණ තරුණියන් විශාල පිරිසක් විරෝධතාවයේ නිරත වුයේ ෆේස්බුක් සහ යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26ක් නේපාල රජය විසින් තහනම් කිරීමත් සමගය.

මෙම කැරලි කෝලාහල නේපාලයේ අගනුවර වන කත්මණ්ඩු නගරයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසල සිදුවූ අතර පසුව පොලීසිය සහ විරෝධතාකරුවන් අතර විශාල ගැටුමක් නිර්මාණය වී එයින් පුද්ගලයින් 19 ක් මරණයට පත්වී පුද්ගලයින් 100 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලැබීම වාර්තා විය.

රටම අදුරට යන ලකුණු - විදුලි බල මණ්ඩලයෙන් රතු එළියක්

රටම අදුරට යන ලකුණු - විදුලි බල මණ්ඩලයෙන් රතු එළියක්

විරෝධතාවය උග්‍ර වීමත් සමගම නේපාල රජය හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා මෙම තීරණය ගෙන ඇත. නේපාලයේ සන්නිවේදන හා තොරතුරු අමාත්‍ය ප්‍රිත්වි සුබා ගුරුන්ග් මාධ්‍යයට පවසා සිටියේ අදාළ කැබිනට් රැස්වීමෙන් පසු මේ සම්බන්ධව සාකච්ඡා කර පනවනු ලැබූ සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට තීරණය කළ බවය.

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි