සිප ගැනීමේ දර්ශන තිබුණ නිසා චිත්‍රපට කිහිපයක්ම ප්‍රතික්ෂේප කළා-ජනප්‍රිය සුරූපී නිලි නෙහාරා පීරිස් (PHOTOS)

By Sithumi Dec 16, 2021 04:45 PM GMT
Sithumi

Sithumi

Report

මුතු කිරිල්ලී ටෙලි නාට්‍ය හරහා බොහෝම ජනප්‍රියත්වයට පත්වුණු අපූරු චරිතයක් ගැන තමයි අද කතා කරන්නේ. ඇය නමින් නෙහාරා පීරිස්. මුතු කිරිල්ලී නාට්‍යයට පස්සේ ඇයට බොහෝ නිර්මාණප්‍රමාණයකට දායක වන්නට අවස්ථාව ලැබෙනවා.

නමුත් කාලයක් ඇයව පුංචි තිරය ඔස්සේ අපට දැකගන්නට ලැබුණේ නැහැ. ඇගේ විවාහයත් එක්ක ඇය යම් දුරකට රංගනයෙන් ඈත් වුණා. ඉතින් පසුගිය දවසක ඇය පුවත්පතක් සමඟ සම්බන්ධ වෙලා ඇගේ මේ දවස් වල කරුණු කාරණා කිහිපයක් ගැන සාකච්ඡා කරලා තිබුණා. ඇය පළමු විවාහයෙන් වෙන් වෙලා දෙවැනි වරට විවාහ වෙන්න ජනප්‍රිය රංගන ශිල්පියකු වන මේනක රාජපක්ෂ සමඟ. ඔවුන් දෙදෙනාට මේ වන විට පුංචි දියණියක් සිටිනවා.

පසුගිය දවසක දියණිය ගේ පලවෙනි උපන්දිනය බොහොම අපූරුවට සමරලා තිබුන ආකාරය අපට දැක ගන්නට හැකියාවක් ලැබුණා. ඉතින් දරුවා ලැබිලා මාස කිහිපයක් යද්දී ඇගේ බර සාමාන්‍ය අතට පත් වුණා. මේක ගොඩක් අයගෙන් විමසන ගණනාවක් සහ ඇය බොහොම සතුටින් එයට පිළිතුරු දෙන බව තමයි සඳහන් කරලා තිබුණේ

. ඇය කියන විදිහට දරුවා ලැබිලා මාස කීපයක් යනකම් ඇයට ව්‍යායාම වල නිරත වෙන්න එපා කියලා වෛද්‍යවරුන්ගේ උපදෙස් ලැබිලා තිබෙනවා. ඉතින් පසුව ඇය ව්‍යායාම පුහුණුකරුවෙක් සමඟ සම්බන්ධ වෙලා ඇගේ බර අඩු කරගැනීමට බොහොම වෙහෙස මහන්සි වෙලා කටයුතු කරලා තිබුණ කාරනාව තමයි සඳහන් කරන්නේ.

ඉතින් ඔවුන්ගේ අරමුණ වෙලා තිබෙන්නේ ඇයගේ බර 55 දක්වා අඩු කරගන්නට. නමුත් අයට හැකි වෙලා තියෙනවා මේ වන විට කිලෝ ග්රෑම් 49 ක පමණ දුරකට ඇගේ බර අඩු කරගන්නට කියලා තමයි ඇය එහිදී සඳහන් කරල තිබුණේ. කලා කටයුතු පිළිබඳව කතා කරනකොට ටෙලිනාට්‍ය කිහිපයකම ඇය රංගන කටයුතු කරනවා කියලා තමයි සඳහන් කරල තිබුනෙ. ඒත් එක්කම සිනමාවට සම්බන්ධ කාරණාවලදී චිත්‍රපට තුනකට දායක වුණා කියන කාරණාව කියනවා

. නමුත් ඇතැම් කාරණා හේතුවෙන් ඇයට චිත්‍රපට කිහිපයක්ම ප්‍රතික්ශේප කරන්නට සිද්ධ වෙලා තිබෙනවා. ඒ සිපගැනීමේ දර්ශන ආදිය තිබෙන නිසාවෙන්. එවැනි චිත්‍රපටයකුත් ඇයට ප්‍රතික්ෂේප කරන්නට සිද්ධ වෙලා තිබෙනවා. සැමියාගෙන් නම් කලා ජීවිතයට ලැබෙන පිටුවහල ගැන කතා කරනකොට මේනකගෙන් ලොකු පිටුවහලක් ලබනවා කියන කාරණාව තමයි කියන්නේ.

එයට හේතුව ලෙස දරුවාගේ කටයුතුත් එක්ක කලා කටයුතු කරන්නට යම් අපහසුතාවක් තිබුනත් කාලය කළමනාකරණය හා තීරණ ගැනීමේ පහසුව ඔහු විසින් දෙනවා කියන කාරණාව තමයි කියන්නේ. ඒත් එක්කම ඇයගේ නිවසේ සහයට සිටින අයගෙනුත් ලොකු සහයෝගයක් ඇගේ වැඩ කටයුතු කරගෙන යන්නට ලැබෙනවා කියන කාරණාවත් මතක් කරනවා.

එමෙන්ම මේනකගේ මව සහ පියා මෙන්ම ඇගේ මව සහ පියාත් සියලු කාරණා වලට උදව් උපකාර කරනවා කියන කාරණාවත් ඇය එහිදී සඳහන් කරල තිබුණා. කොහොම නමුත් අවසාන වශයෙන් ඇයට ඇගේ කලා කටයුතු වෙනුවෙනුත් ජීවිතයේ කරුණාවන් වලටත් මේනකත් සමගින් හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා එකතු කරනවා

GalleryGalleryGallery
ReeCha