NDB බැංකුව තරුණ තරුණියන්ට ලබා දෙන අලුත්ම පහසුකම මෙන්න

Sri Lanka Banks Sinhala news
By Dilasha Mar 26, 2025 02:30 AM GMT
Dilasha

Dilasha

Report

NDB බැංකුව වයස අවුරුදු 13ත් 17ත් අතර නව යොවුන් වියේ පසුවන තරුණ තරුණියන් සඳහා සුවිශේෂයෙන්ම නිර්මාණය කරන ලද නවෝත්පාදන ඩිජිටල් බැංකුකරණ විසඳුමක් වන NDB Pixel හඳුන්වා දෙයි.

NDB Pixel යෞවන යෞවනියන්ට විශ්වසනීයව තම මූල්‍ය ගමන ආරම්භ කිරීමට ශක්තිමත් වේදිකාවක් නිර්මාණය කරයි.

යොවුන් දරුවන්ගේ මූල්‍ය පුරුදු හැඩගැස්වීම සඳහා මවුපියන්ගේ වැදගත් කාර්යභාරය සැලකිල්ලට ගනිමින් NDB Pixel මවුපියන්ට පහසුවෙන් නීරීක්ෂණය කළහැකි විශේෂාංග රැසක් එක්කරමින් නිර්මාණය කර තිබේ.

දරුවන්ට මූල්‍ය අධ්‍යාපනය ලබාදීමට සහාය වන ප්‍රවේශයක් ගොඩනඟමින්, මවුපියන්ට හෝ භාරකරුවන්ට ගිණුම් ශේෂයන් නිරීක්ෂණය කිරීම සිදුකරන ගනුදෙනු සඳහා කෙටි පණිවුඩ ලබාගැනීම සහ සියලුම ගිණුම් ක්‍රියාකාරකම් නිවසේ සිටම කළ හැකි වීම වැනි පහසුකම් රැසක් NDB Pixel මඟින් ලබා දී තිබේ.

වඩාත් කැපී පෙනෙන ලක්ෂණය වන්නේ මෙම ඉතිරි කිරීමට අමතරව ගනුදෙනු කිරීමේ හැකියාවද පැවතීම නිසාය.

ඩෙබිට් කාඩ්පතක් සහ NDB NEOS සමඟ ජංගම බැංකුකරණ සේවාවන්ද ඇතුළත්ව, ඒකාබද්ධ ඩිජිටල් බැංකුකරණ සේවාවන් සමඟින් මෙම ගිණුම ප්‍රායෝගික මූල්‍ය අධ්‍යාපනය පිළිබඳ අවබෝධයක් ලබා දෙයි.

මීට අමතරව වියදම් මනා පාලනයක් සහිතව සිදුකිරීම සඳහා කාඩ්පත් සහ ඔන්ලයින් ගෙවීම් රු. 20,000.00ක දෛනික ගනුදෙනු සීමාවක් නියම කර ඇති අතර එම සීමාව මවුපියන්ගේ අනුමැතිය මත වෙනස් කිරීමේ හැකියාවද ඔවුන් ලබා දී තිබේ. 

අපි සේවකයන්ට බෝනස් දෙන එක නවත්තන්නේ නෑ - අවුරුද්දට රුපියල් 5000කම දෙනවා

අපි සේවකයන්ට බෝනස් දෙන එක නවත්තන්නේ නෑ - අවුරුද්දට රුපියල් 5000කම දෙනවා

මිෂෙල් දිල්හාරාගේ පළමු දමිළ චිත්‍රපටය Adhiran එළි දකියි.

මිෂෙල් දිල්හාරාගේ පළමු දමිළ චිත්‍රපටය Adhiran එළි දකියි.

ReeCha