අපි සේවකයන්ට බෝනස් දෙන එක නවත්තන්නේ නෑ - අවුරුද්දට රුපියල් 5000කම දෙනවා

Report

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩීජේ රාජකරුණා ප්‍රකාශ කළේ, එහි සේවකයන්ගේ ප්‍රසාද දීමනා නවත්වන්නේ නැති බවයි.

නමුත් මේ මාසයේදී එය ලබාදීමේ හැකියාවක් නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ.

“බෝනස් එක දෙනවා නැද්ද කියන එක ගැටලුවක් තියෙනවා. මට බෝනස් එක නවත්තගෙන ඉන්න කිසිම උවමනාවක් නෑ. නමුත් නීති තියෙනවා, ගහපු චක්‍රලේඛ තියෙනවා ඒකට අනුව ඕන ක්‍රියාකරන්න.

ඒකට අනුව මම දැන් මේක දෙන්නේ කොහොමද කියලා බැලුවා. අපිට භාණ්ඩාගාරයෙන් අනුමැතිය ගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඒක කැබිනට් එකට යන්න ඕනේ. ඔන්න ඔය ක්‍රියාවලිය කරගෙන යන්න ඕන දේවල් අපි කරගෙන යනවා.

මේ මාසයේ ඇතුළත ඒ ටික කරගන්න බෑ. අනිවාර්යයෙන්ම බෝනස් එක නවත්වන්නේ නෑ. ඒක ගන්න අර ටික කරන්න ඕනේ. මේ මාසයේ බෝනස් එක දෙන්න විදියක් නෑ. ඒ නිසා තමයි මම රු 50,000 අවුරුදු සල්ලි විදියට වැඩි කරලා දෙන්නේ” යනුවෙන් ඔහු පවසා සිටියේය.

ඇමති සැඟවෙයි... හමුදාවත් ආපසු කැඳවයි...බෞද්ධයින්ට නින්දාවක්

ඇමති සැඟවෙයි... හමුදාවත් ආපසු කැඳවයි...බෞද්ධයින්ට නින්දාවක්

විහාරය තුලම භික්ෂුවකට කළ අපරාධය (VIDEO)

විහාරය තුලම භික්ෂුවකට කළ අපරාධය (VIDEO)