මිලියන 27කට වැඩි භාණ්ඩයක් නාවික හමුදාවෙන් හොයාගෙන මොනවද දන්නවද
නාවික හමුදාව විසින් රුපියල් මිලියන 27කට අධික දළ වටිනාකමකින් යුත් කෙරළ ගංජා කිලෝ ග්‍රෑම් 121කට අධික තොගයක් සොයාගෙන ඇත.
මන්නාරම වන්කාලෙලයි ප්‍රදේශය සහ යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ දේශීය ජල තීරයේ පසුගිය 27,29 දෙදින කල මෙහෙයුමෙන් මෙම තොගය නාවික හමුදාව සොයාගෙන ඇත.
පසුව නාවික හමුදා විසින් වයස අවුරුදු 19ත් 56ත් අතර සැකරුවන් 5ක් අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුරටත් කේරළ ගංජා තොගය ප්‍රවාහනය කළ ඩිංගි යාත්‍රා දෙකක්ද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර එම ඩිංගි යාත්‍රා දෙක, කේරළ ගංජා තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ඩෙල්ෆ්ය් සහ වන්කාලෙයි යන පොලිස් ස්ථාන වෙත භාර කර ඇත.