උදය ගම්මන්පිල අවුරුද්දක් ඇප නැතුව හිරේට?

Report

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසන්නේ වසරක පමණ කාලයක් ඇප නොදී රක්ෂිත බන්ධනාගාරගත කල හැකි පනතකින් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානම් බවයි.

රනිල් වික්‍රරමසිංහගෙන් ජනපති අනුර ඇතුළු මාලිමා ආණ්ඩුවට අනතුරු ඇගවීමක්

රනිල් වික්‍රරමසිංහගෙන් ජනපති අනුර ඇතුළු මාලිමා ආණ්ඩුවට අනතුරු ඇගවීමක්

තමන් ආණ්ඩුව ගැන කරන විවේචනයන් වසරක කාලයක් සඳහා නවත්වා ගැනීමට ඔවුන් මෙසේ කරන බවද ඔහු පවසයි.

මීට අමතරව කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය දැනුම් දී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

අම්මෝ මෙන්න නාමල් රාජපක්ෂගේ ඔක්කොම වත්කම් හා බැරකම් එළියට

අම්මෝ මෙන්න නාමල් රාජපක්ෂගේ ඔක්කොම වත්කම් හා බැරකම් එළියට

හිටපු අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් 2025 අගෝස්තු 12 වැනි දින ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව CID නිලධාරීන් අධිකරණයට ප්‍රකාශ කළේය.

අදාළ මාධ්‍ය හමුවේදී හිටපු අමාත්‍යවරයා විවිධ ප්‍රජාවන් අතර අසමගිය ඇති කළ හැකි ප්‍රකාශ සිදු කල බව ඔහුට විරුද්ධව චෝදනා එල්ල වී ඇත.

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

CID අධිකරණයට දැනුම් දී ඇත්තේ මෙම ප්‍රකාශ ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ (ICCPR) 3(1) වගන්තිය හෝ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය යටතේ වරදක් වනවාද යන්න තීරණය කල යුතු බවයි.