හොරෙන්ම ඉන්දියාවට පනින්න ගිහින් වැඩ වැරදෙයි..

By krishani May 06, 2023 07:16 AM GMT
Report

මන්නාරම ඉස්මොක්කන්තුරෙයි තුඩුව අසල දී නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළායාමට තැත්කළ හයදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මන්නාරම නාවික හමුදා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.

07 සහ 14 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකු, 16 හැවිරිදි දැරියක්, 37 හැවිරිදි කාන්තාවක් සහ 38 හැවිදිරි බෝට්ටුව හැසිර වූ පුද්ගලයා එම අත්අඩංගුවට ගත් පිරිස අතර වේ.

ඔවුන් ගමන් ගත් බෝට්ටුව නාවික හමුදා භාරයට ගෙන ඇති අතර රැගෙන ගිය ඉන්ධන සහ අනෙකුත් උපකරණ මන්නාරම පොලීසියට භාර දී ඇත.

මේ අතර, සැකකරුවන් මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join