ලොව ප්‍රථම පරිසර හිතකාමී ස්මාර්ට් මුහුණු ආවරණය ශ්‍රී ලංකාවේ(PHOTOS) ...

Sri Lanka Namal Rajapakshe Pace marks Sport ministry
By Aruna Jul 20, 2021 06:30 AM GMT
Aruna

Aruna

Report

තිරසාර නිෂ්පාදන ක්‍රියාවලිය යටතේ ලොව ප්‍රථම පරිසර හිතකාමී ස්මාර්ට් මුහුණු ආවරණය (Smart Face Mask) ශ්‍රී ලංකාව තුළ එළිදක්වා තිබෙනවා.

ඒ, ඊයේ (19) ජාතික ක්‍රීඩා කවුන්සිල පරිශ්‍රයේදී, ‘BreathTech-S3’ වෙළඳ ලකුණ යටතේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන්.

මෙම පරිසර හිතකාමී ස්මාර්ට් මුහුණු ආවරණය නිෂ්පාදන ක්‍රියාවලියට හයිද්‍රාමනි සමූහය, ශ්‍රී ලංකා නැනෝතාක්ෂණික ආයතනය (SLINTEC) සහ සර්කියු ටෙක්නොලොජීස් (CirQ Technologies)යන ආයතන 03 දායක වී තිබෙනවා.

BreathTech-S3 නිෂ්පාදනය කරනු ලබන්නේ තිරසාර ලෙස ලබාගත්, ස්වාභාවික හා දිරාපත් විය හැකි ද්‍රව්‍යවල එකතුවක් වන අතර, හුස්ම ගැනීමේ වේගය, කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය, භාවිතය යන මිනුම් කරන උසස් ග්‍රාෆික මත පදනම් වූ සංවේදකයක් පවතින අතර ඒ සඳහා පේටන්ට් බලපත්‍රයක් ද ලබාගෙන තිබෙනවා.

එමෙන්ම මේ සඳහා ආරක්ෂිත ජංගම යෙදුමක් ද තිබෙන බවයි එහි නිෂ්පාදකයන් පැවසුවේ. 2021 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට Smart Face Mask ලබා දීමට SLINTEC, Hirdaramani Group සහ CirQ Technologies ආයතන පියවර ගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery
ReeCha