ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකාව තරගකාරී වෙළෙඳ සහ ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමේ දායකත්වය සඳහා, විනිවිඳභාවය සහ පුරෝකථනය කළ හැකි තීරුබදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික තීරුබදු ප්‍රතිපත්තිය 2024 ජූනි 11 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමත කර තිබුණි.
මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුව 2025 මැයි 15 දින ස්ථාපිත කර ඇත.
ඇතැම් බදු නීති සමඟ අනුකූලතාවය සහතික කිරීම සඳහා සහ අවිනිශ්චිතතා මග හැරවීම සඳහා ජාතික තීරුබදු ප්‍රතිපත්තියේ ඇතැම් විධිවිධාන සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුව විසින් හඳුනා ගනු ලැබ තිබේ.
පසුව සිදුකළ රජයේ ප්‍රතිපත්ති සංශෝධන අනුව ඇතැම් බදු නීති සමඟ අනුකූලතාවය සහතික කිරීම සඳහා සහ අවිනිශ්චිතතා මග හැරවීම සඳහා ජාතික තීරුබදු ප්‍රතිපත්තියේ ඇතැම් විධිවිධාන සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුව විසින් හඳුනා ගන ඇත.
ඒ අනුව, හඳුනාගත් සංශෝධන මත පදනම්ව ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබීය.