මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් චරිත රත්වත්තේ අත්අඩංගුවට

Report

මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙක් ලෙස කටයුතු කළ චරිත රත්වත්තේ නැමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අල්ලස් කොමිසම විසින් බව සඳහන් වේ.

නියමිත ක්‍රියා පටිපාටියෙන් බැහැරව හා කිසිදු අවශ්‍යතාවකින් තොරව, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා රුපියල් කෝටි 09 කට අධික මුදලක් වැය කර, 2015 වසරේදී තාවකාලික වී ගබඩා 50 ක් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව සිදුවන විමර්ශනයක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

2015 දී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දැරූ කාලය තුළදී, චරිත රත්වත්තේ විසින් ඔහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.

මේ වන විට රාජ්‍ය ආයතන වල හිටපු විවිධ තනතුරු දැරූ දූෂණ විරෝධී කටයුතුවලට සම්බන්ධ වූ බොහෝ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ. නව රජය බලයට පත්වීමත් සමඟම බොහෝ දූෂණ වංචා විරෝධී ක්‍රියාවන්වලට සම්බන්ධ වූ පුද්ගලයන් නීතිය හමුවට ගෙන ඇත.

ඉදිරි මාස කීපයපය තුළ ගුරු වෘත්තියට යන්න ඉන්න අයට සුභ ආරංචියක්

ඉදිරි මාස කීපයපය තුළ ගුරු වෘත්තියට යන්න ඉන්න අයට සුභ ආරංචියක්

මීට පස්සේ කෝච්චිවල යද්දි මේවා කරන්න තහනම්

මීට පස්සේ කෝච්චිවල යද්දි මේවා කරන්න තහනම්