ජාතික ඉතිරිකිරීමේ බැංකුව නොසිතූ තීරණයක් ගනී

Sri Lanka
By Sewvandhi Nov 09, 2023 02:24 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (09) දිනයේ දී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පස්වැනියාට විශාලතම කොටස් හිමියා වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව, සිය කොටස් හිමිකාරීත්වය විකිණීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් මිලියන 13.15 ක හිමිකාරීත්වය ජාතික ඉතිරිකිරීමේ බැංකුව සතුව පැවතුණු අතර අද දිනයේ දී එක් කොටසක් රු. 96.00 බැගින් අලෙවි කර ඇත.

ඒ අනුව මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රු. බිලියන 1.26කි. මෙහිදී ගැනුම්කාර පාර්ශවය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර යම්හෙයිකින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අංක එකේ කොටස් හිමියා වන මහා භාණ්ඩාගාර විසින් මෙම කොටස් මිල දී ගැනීම සිදුකර තිබුණේ නම්, මහා භාණ්ඩාගාරය සතු ටෙලිකොම් කොටස් අයිතිය 50% සීමවා ඉක්මවා යනු ඇත.

ReeCha