වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික රෝහල අවට ආරක්ෂාව තර කෙරේ..
Police spokesman
Sri Lanka Army
Sri Lanka Police
Ministry of Health Sri Lanka
Colombo Hospital
By Aruna
ප්‍රමිතියෙන් තොර ඖෂධ රෝහල්වලට ලබාදීමට විරෝධය පළකරමින් අද (17) සිට විරෝධතා මාලාවක් ආරම්භ කරන බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.
තෝරාගත් රෝහල් කිහිපයක සෞඛ්‍ය කාර්ය මණ්ඩල සම්බන්ධ කරගනිමින් අද දහවල් විරෝධතා ක්‍රියාවට නංවන බවයි එම සංගමයේ ලේකම් එස්. බී. මැදිවත්ත මහතා සඳහන් කළේ.
මේ අතර, මෙම විරෝධතා හේතුවෙන් කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තර කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.