ජාතික ඉන්ධන බලපත්‍රය ගැන මහජනයා දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන - වැඩි විස්තර මෙතනින්..

Sri Lanka Sri Lanka Fuel Crisis National Fuel Pass
By Sewvandhi Jul 22, 2022 09:48 AM GMT
Sewvandhi

Sewvandhi

Report
230 Shares

ජාතික ඉන්ධන අවසර පත්‍රය භාවිතය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ සේවාවක් ආරම්භ කර තිබේ. දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මධ්‍යස්ථාන ආශ්‍රිතව, බස් නැවතුම්පොළ, දුම්රිය ස්ථාන සහ ඉන්ධන පිරවුම්හල් ආසන්නව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙයි. 

ඊට අමතරව ජාතික තරුණ සේව සභාවේ සහ යෞවන සමාජ සම්මේලනයේ තරුණ ප්‍රජාව ගෙයින්ගෙට ගොස් මහජනතාව දැනුවත් කිරීම සිදුකෙරේ.

මෙහිදී ස්මාර්ට් දුරකථනයට QR කේතය බාගත කරදෙන අතර ස්මාර්ට් දුරකථන නැති අයට තමන් දන්නා තාක්ෂණය භාවිත කරමින් ළඟ තබා ගැනීමට හෝ වාහනයේ ප්‍රදර්ශනය කිරීමට QR කේතයේ මුද්‍රිත පිටපත් ලබාදෙනු ලැබේ.

දැනට ලක්ෂයකට අධික පිරිසක් මෙම සේවාව ලබා ගෙන ඇති බව පැවසෙයි. රටේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් ඇතිවීමට අමතරව කළුකඩ මිලට ඉන්ධන අලෙවි කරන පුද්ගලයන් බිහිවීම නිසා ලැබෙන ඉන්ධන තොග සාධාරණ ලෙස බෙදාහැරීමේ ගැටළුවලට විසඳුම් ලෙස මෙම නව ක්‍රමය හඳුන්වා දී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGallery
ReeCha