ඖෂධ ආනයනය සම්බන්ධයෙන් දැනුම්දීමක්..

Government Employee Sri Lanka
By Aruna Feb 17, 2025 03:19 AM GMT
Aruna

Aruna

Report

ජාතික ඖෂධ නියාමන අධිකාරිය කඩිනමින් ලියාපදිංචිය ලබා දෙන්නේ නම් සැපයුම්කරුවන් නොමැති ඖෂධ වර්ග 42 ලබාදීමට හැකි බව ඖෂධ ආනයනයකරුවන්ගේ වාණිජ මණ්ඩලය හා දේශීය ඖෂධ නිෂ්පාදකයන් සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතාට දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

ඖෂධ ආනයනයකරුවන්, දේශීය ඖෂධ නිෂ්පාදකයන් අතර විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති අතර එහිදී මෙම දැනුම්දීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

වගා නොකරන ලද ඉඩම් හිමියන්ට මෙන්න විශේෂ දැනුම්දීමක්..

වගා නොකරන ලද ඉඩම් හිමියන්ට මෙන්න විශේෂ දැනුම්දීමක්..


මේ අනුව ඖෂධ අඛණ්ඩව සැපයීම සඳහා සහයෝගය ලබා දෙන ලෙසයි ඇමැතිවරයා මෙහිදී ඉල්ලා ඇත්තේ.

සැපයුම්කරුවන් නොමැති ඖෂධ වර්ග හතළිස් දෙක සැපයීම සඳහා සති දෙකක් තුළ දැනුම් දෙන ලෙස ද ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

එම අවස්ථාවේදී ඖෂධ ආනයනයකරුවන් පෙන්වා දී ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය ගැනීමට ගතවන කාලය නිසා ඖෂධ සැපයීමට සැපයුම්කරුවන් මැලි වන බවය.

තවද ඖෂධ සැපයීමේදී තොගය අඩු වුවහොත් වැය වන වියදම වැඩිවන බවද ඔවුන් මෙහිදී පෙන්වා දී තිබේ.

මෙම දුරකථන අංක වලින් ඔයාටත් කෝල් එකක් ආවොත් කළ යුතු දේ මෙන්න..අදම දැනුවත් වන්න.

මෙම දුරකථන අංක වලින් ඔයාටත් කෝල් එකක් ආවොත් කළ යුතු දේ මෙන්න..අදම දැනුවත් වන්න.


ඖෂධ නිෂ්පාදන සමාගම් මෙහිදී ඇමැතිවරයාට පෙන්වා දී ඇත්තේ, දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගේ ඖෂධ ලියාපදිංචි කිරීමේ ලිපිගොනු ද ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රමාද කර ඇති බවයි.

ReeCha