පාසල් ළමුන්ට විශේෂ පණිවිඩයක්
By Mithu
මේ දිනවල පවතින උණ කැස්ස හේතුවෙන් කුඩා දරුවන් රෝගාතුර වී තිබෙනවා.
"එම නිසා උණ - කැස්ස - සෙම්ප්‍රතිශ්‍යාව ඇති දරුවන් පාසලේදී වෙහෙස වුණොත් හදවතට අවදානම් මේ දිනවල දරුවන් අතරේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස තියෙනවා.
එසේ තිබියදී ඇතැම් දෙමාපියන් දරුවන් පාසල් එවන බව දැනගන්න තියෙනවා. තමාගේ දරුවාට වෛරස් උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස තියෙනවා නම් පාසල් එවන්න එපා.
අසනීප දරුවා පාසලට එව්වම අනිත් දරුවන්ට බෝ වෙනවා. ඊට පස්සේ මුළු පාසලේම දරුවන් අතරේ වෛරසය බෝවෙන්න පුළුවන්.”
ඒ ආකාරයෙන් අදහස් දැක්වුවේ බොරැල්ල රිජ්ජේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතායි.