මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ මාලිමා පොහොට්ටු දීගයක්

Report

 මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ජාතික ජන බලවේගයටත් උප සභාපති ධුරය පොදුජන පෙරමුණටත් හිමිව තිබෙනවා.

ඒ අද (13) පැවැති ඡන්ද විමසීමේදීයි.

මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ ජයග්‍රහණය පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය දිනා ගනු ලැබුවාද බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීමට අපොහොසත් වුණා.

විනාඩි 10ක ප්‍රමාදයෙන් බිහිසුණු ගුවන් අනතුරින් දිවි ගලවාගත් තරුණිය

විනාඩි 10ක ප්‍රමාදයෙන් බිහිසුණු ගුවන් අනතුරින් දිවි ගලවාගත් තරුණිය

එහිදී ජාතික ජන බලවේගය සභික ධුර 10ක් හිමි කර ගැනීමට සමත් වූ අතර සමගි ජන බලවේගය සභික ධුරය 6ක් හිමි කර ගනු ලැබුවා.

එමෙන්ම පොදුජන එක්සත් පෙරමුණ සහ සර්ව ජන බලය සභික ධුර 2 බැගින් දිනා ගත් අතර පොදුජන එක්සත් පෙරමුණ එක් සභික ධුරයක් හිමිකර ගත්තා.

සභාවේ බලය පිහිටුවීම සඳහා එක් සභිකයෙකු පක්ෂ හෝ විපක්ෂ දෙකටම අවශ්‍ය වී තිබුණු අතර එක් සභිකයෙකු තීරක සභිකයෙකු වී රහස් ඡන්දය භාවිත කිරීමෙන් සභාපතිවරයා පත්කර ගත යුතුව තිබුණා.

හඳුන්ගේ මිලියන 650ත් කතාව මහජනයා රවට්ටන බොරුවක් – හර්ෂගෙන් හෙළිදරව්වක්!

හඳුන්ගේ මිලියන 650ත් කතාව මහජනයා රවට්ටන බොරුවක් – හර්ෂගෙන් හෙළිදරව්වක්!

අද පළාත් පාලන කොමසාරිස් රුවන් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ප්‍රාදේශීය සභාවේ ප්‍රථම සභාවාරය පෙරවරු 9.30ට ආරම්භ වුණා.

එහිදී සභාව උණුසුම් මුහුණුවරක් ගනු ලැබූ අතර පැවැති ඡන්ද විමසීමේදී එහි සභාපති ධුරය ජාතික ජන බලවේගයේ ධනපාල විමලතුංග මහතාට හිමි වූ අතර උප සභාපතිකම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ රංගන සෝමදාස මහතාට හිමි වුණා.  

මුළු රටම හුස්ම අරන්! ඉන්ධන මිල මෙච්චරක් ඉහල යනවද?

මුළු රටම හුස්ම අරන්! ඉන්ධන මිල මෙච්චරක් ඉහල යනවද?