මම ප්ලාස්ටික් සර්ජරි කරා කියනවානම් ඔප්පු කරලා පෙන්වන්න- නතාෂා(PHOTOS)

natasha natasha bedingfield natasha singer the masked singer new natasha natasha new music natasha lyrics natasha hamilton natasha bedingfield lyrics natasha bedingfield official
By Gagana Dec 29, 2021 04:37 PM GMT
Gagana

Gagana

Report

නතාෂා පෙරේරා කියන්නේ පුංචි කාලයේ ඉඳලම රංගනයට උපන් හපන්කම් පෙන්වන දක්ෂ කලාකාරිනියක්.

ගායිකාවක් වශයෙන් ජනප්‍රිය වෙලා සිටින නතාෂා ඒකාලයේ හැඳින්වුයේ දඟ මල්ල කියලා.

එහෙම කිව්වම ඇයව නොදන්නා කෙනෙක් නැති තරමටම එම චරිතය ඔස්සේ බොහෝ රසික ආදරයක් දිනාගත්තා.

කොහොම වුනත් එලෙසින් රටක් වසගයට ගත් ඇය වර්තමානයේ එතරම් දකින්න නොලැබුනත් ලැබෙන ප්‍රේක්ෂක ආදරේ නම් අඩුවක් වෙලා නැහැ.

නිර්මාණ තුලිත් දකින්න නොලැබුනත් සමාජ මධන් ඔස්සේ ඇයට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා කියලත් දකින්න තියනවා.

පුංචි තිරයේ පුංචි සුරංගනාවියක් ලෙස එදා දකින්න ලැබුණු නතාෂා අද සුරූපී තරුණියක් ලෙසින් අප හමුවට ඇවිත් ඉන්නවා. කාලෙන් කාලෙට විවිධ මාධ්‍ය සාකච්චා වලට එකතු වෙන නතාෂා පසුගිය කාලයේත් එවැනි වැඩසටහනකට එකතු වෙලා මෙහෙම කියලා තිබුනා.

මගේ ජිවිතේ හැරවුම් ලක්ෂය වුනේ දඟ මල්ල කියන නිර්මාණයට සම්බන්ද වීමත් එක්කයි. ඒ චරිතයෙන් තමයි මම ගොඩක් දෙනා හඳුනා ගන්න හැකිවුණේ වගේම මගේ ජිවිතේ වෙනස් වෙන්න ප්‍රධානම හේතුවක් වුනා.

ඒ විතරක් නෙවෙයි හොඳම ළමා නිලියට හිමි රාජ්ජය සම්මානයත් දිනාගන්න මට අවස්තාව උදාවුනා. අදටත් ඒකාලේ මතක් වෙද්දී හරිම ආඩම්බරයක් සහ සතුටක් දැනෙනවා. එහෙම කාලෙකට ආයෙත් යන්න ලැබුනානම් කියලා හිතෙනවා.

ලඟදි නම් අලුත් වැඩක් කරන්න වුනේ නැහැ, රටේ ඇතිවූ තත්වයත් එක්ක කරන්න හිටිය දේවලුත් පස්සට දන්නා සිද්ද වුනා. කාලයක් මම රංගනයෙන් කළා ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා ඉන්න හේතුව වුනේ අධ්‍යාපන වැඩ වලට මුල්තැන දීලා තිබුණු නිසයි. ඒ නිසා හැමදෙයක්ම එක්ක ගොඩක් කාර්යභහුල වෙන්න කැමති නැහැ.

මම කොකොමත් සාමාන්‍ය විදියට ඉන්න කැමති කෙනෙක් නිසා ඕනෑවටත් වඩා බිසී වෙන්න ආසාවක් නැහැ. ලංකාවේ මට යම් ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා ළමා කාලයේ ඉඳලා මට ආදරේ කරන පිරිසක් ඉන්නවා. හැමදෙයක්ම එක්ක මගේ ලස්සන සහ රූපය ගැනත් ගොඩක් හිතනවා.

සමහරු කියන්නේ මම සුදු වෙන්න විවිධ ඉන්ජේ, කසන් සහ ප්ලාස්ටික් සර් ජරි කළා කියලා. කවුරුහරි කෙනෙක් කියනවා නම් මම එහෙම දේවල් කරනවා කියලා ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් වෙන්න ඕන.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha