බුදු දහමට අපහාස කළ නතාශා රටින් පනින්න ගිහින් මාට්ටු වෙයි..රෑ සිදුවුණ දේ මෙන්න.(PHOTOS)
පසුගියදා කොළඹ පැවති උත්සවයකදී බෞද්ධ දර්ශනය සම්බන්ධයෙන් මතභේදාත්මක ප්‍රකාශයක් සිදුකළ නතාශා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය රටින් පිටවීමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.
බෞද්ධ දර්ශනයට හා බෞද්ධ සංස්කෘතියට අගෞරව වන ලෙස දේශන පැවැත්වූ බවට දක්වමින් කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ(27) සවස පැමිණිල්ලක් ඉදිරිපත් වුණා.
අල්ලසයට දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර, බිෂොප් විද්‍යාලයේ ශ්‍රවණාගාරයෙහි පසුගියදා පැවති “මෝඩාභිමානය” නම් Standup Comedy වැඩසටහනේදී අදාළ ප්‍රකාශය සිදුකල බවට පැමිණිල්ලේ සඳහන්ව තිබුණා.
මේ අතර නතාෂා එදිරිසූරියට එරෙහිව තවත් පැමිණිල්ලක් පොලිස් මූලස්ථානයටද ඉදිරිපත් කර තිබු අතර පූජ්‍ය බලංගොඩ කාශ්‍යප ස්වාමීන්වහන්ස එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.
කෙසේ නමුත් ඉකුත් දා ඇය විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇය සමාජ මාධ්‍ය නාලිකාවක දී අදාල ප්‍රකාශය හේතුවෙන් කිසියම් පාර්ශවයකට අගතියක් වී ඇත් නම් ඒ වෙනුවෙන් සමාව අයැද සිටීමට ද කටයුතු කළා.
මේ සම්බන්ධව අස්ගිරි මහා විහාර පාර්ශවයෙන්ද විශේෂ නිවේදනයක් නිකුත් කලා.
එම නිවේදනය පහතින්,
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |



