ලක්ෂ 35ක් සමඟ සිටි නාකොටික් නිලධාරීන්ව මහමඟදී කොල්ලකෑමට ආ කල්ලිය.
CID - Sri Lanka Police
Sri Lanka Police
By Wayomi
කිඳෙල්පිටිය - බදුවිල පාරේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සතුව තිබූ රුපියල් ලක්ෂ 35කට ආසන්න මුදලක් කොල්ලකෑමට තැත් කළ සිව්දෙනෙකුගෙන් යුත් කල්ලියක් මෙල්ල කරගෙන තිබෙනවා.
ඒ, අහසට වෙඩි තබමින්. ඉන් එක් අයෙක් අත්අඩංගුවට ගැනුණා අතර අනෙක් තිදෙනා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් ලක්ෂ 35ක් අතැතිව කිදෙල්පිටිය ප්‍රදේශයට ගොස් ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහායි.
ලද බුද්ධි තොරතුරකට අනුව මත්ද්‍රව්‍ය ගැනුම්කරුවන් ලෙස පෙනී සිටිමින් ඔවුන් එම වැටලීමට එක්ව තිබෙනවා.
ඒ අනුව එහිදී යතුරුපැදිවලින් පැමිණි සිව්දෙනෙකු පොලිස් නිලධාරීන්ගේ වෑන් රථය හරස් කර ඔවුන් සතුව තිබූ මුදල් කොල්ලකෑමට තැත් කර තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |