මහ බැංකු අධිපති ගෙන් පොලී අනුපාතය ගැන දැනුම්දීමක්..

Nandalal Weerasinghe Sri Lanka Central Province
By Aruna Aug 08, 2023 03:21 AM GMT
Aruna

Aruna

Report

මෙරට සැබෑ ආර්ථිකය වෙත මූල්‍ය ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය මෙතෙක් නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කර සිටිනවා.

ඊයේ (07) පැවති උත්සවයකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ, පෞද්ගලික අංශයේ පොලී අනුපාත තවදුරටත් පහළ යා යුතු බවයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති බව ප්‍රකාශ කළ මහ බැංකු අධිපතිවරයා පහළ යන උද්ධමනය අනුපාතය අනුව ප්‍රතිපත්ති අනුපාත තවදුරටත් ලිහිල් කිරීමට අවස්ථාව පවතින බවයි පෙන්වා දී ඇත්තේ.

මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ, මෙරට ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතිවූ උද්ධමනය සහ මුදල් පීඩනය මැඩපැවැත්වීම සඳහා වාර්තාගත ලෙස පොලී අනුපාත ඉහළ දැමීමට පියවර ගත් අතර පසුගිය මාස දෙක තුළ ප්‍රතිපත්ති අනුපාත පදනම් අංක 450කින් පමණ අඩුකිරීමට හැකි වූ බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කළ සියයට 03ක හැකිලීමට වඩා ආර්ථිකයේ ශක්තිමත් කාර්යය සාධනයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වනු ඇති බවයි මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කර සිටියේ.

උද්ධමනය සියයට 4ත් 6ත් අතර අගයකට ළඟාවීම මහ බැංකුවේ ඉලක්කය බව ද, නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ.

ReeCha