හැමෝම බලාසිටි නාමල් රාජපක්ෂ අද විශේෂ තීරණයක් ගනී.(VIDEO)

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ නාමයෝජනා පත්‍ර අත්සන් තැබීමේ උත්සවය ආරම්භවී තිබෙනවා.

මීට අදාල වීඩියෝ දර්ශන පහතින්?


මේ අතර, 2024 ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් අද (14) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

වැටුප් වැඩි කරමින් විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි..වැඩිවන ගණන මෙන්න.

වැටුප් වැඩි කරමින් විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි..වැඩිවන ගණන මෙන්න.

ඒ පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසිනි.

මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා,

"සුබ මොහොතින් ඇප මුදල් තැන්පත් කරලා ජයග්‍රාහී ගමනේ තවත් පියවරක් ඉදිරියට තැබුවා.

සැප්තැම්බර් 22 වෙද්දි 9 වැනි ජනාධිපතිවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා දිවුරුම් දෙන්න අවශ්‍ය ගමන යනවා. හෙට නාමයෝජනා භාරදුන්න වහාම මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කරනවා.

" ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනධිපතිවරණ අපේක්ෂයා ලෙස නාමල් රාජපක්ෂ මහතාව ඉදිරිපත් කරන බව පසුගිය 07 වනදා නිවේදනය කළා.

නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් පසුගියදා ඒ බව නිවේදනය කළේ ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට එළැඹෙන ජනාධිපතිවරණයේදී සහාය ලබා දෙතැයි ආරම්භයේදී අපේක්ෂා කළා.

නමුත් එම පක්ෂයේ කිහිපදෙනෙකුගේ ස්ථාවරය වූයේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු බවයි.

පෙට්‍රල් ලීටරය 150ට දීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

පෙට්‍රල් ලීටරය 150ට දීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..


මීට පෙර එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසා සිටියේ, පක්ෂය තමාට අපේක්ෂකත්වය ලබා දෙන්නේ නම් ඔහු එය භාරගැනීමට සූදානම් බවයි.

නමුත් ඒ මහතා තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව දන්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලිපියක් යොමුකර ඇති බව අගෝස්තු 06 වනදා වාර්තා කෙරිණි.