නාමල් ඡන්දය නොදුන්නේ ඇයි..? හේතුව මෙන්න..

Parliament of Sri Lanka Namal Rajapaksa Sri Lanka
By Sewvandhi Jul 02, 2023 02:04 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ (1) දින පැවති දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සම්බන්ධ යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධ වුයේ නැත.

 රටක් ගොඩනැඟීමට ගන්නා වූ තීන්දු තීරණ ජනතාවාදී විය යුතු බවයි, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ  මහතා පවසා සිටියේ,

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

"මේ රටේ ආර්ථිකය ගොඩනඟන්න අවශ්‍ය තීන්දු තීරණ ගන්න ඕනේ. ඒ ගන්න තීන්දු තීරණ ජනතාවාදී තීන්දු තීරණ බවට පරිවර්තනය කිරීම තමා ආදරණීය අම්මේ, තාත්තේ පොදුජන පෙරමුණේ වගකීම. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරාට කමක් නෑ. එය සාධාරණ විය යුතුයි. එක්තරා කණ්ඩායමකට ප්‍රතිව්‍යුහගතකරණය වෙන්නත් තවත් කණ්ඩායමකට එහෙම නොවෙන්නත් හේතු දක්වන්න ඕනේ. ඒ හේතුව පාර්ලිමේන්තුව නියෝජනය කරන අපිට කියලා වැඩක් නෑ. ඒක මේ රටට කියන්න.

මොකද අපි රටක් විදියට තීරණාත්මක තීන්දු තීරණ ගන්න කාලසීමාවක්. අපි දැක්කා ඊයේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කණ්ඩායම ඊයේ දවල් වෙනකල් මේකට සහයෝගය දෙනවා කියලා අන්තිමට විරුද්ධ වුණා. මම දන්නේ නෑ ඇයි කියලා. හැමදාම වගේ අවසාන මොහොතේ විරුද්ධ වුණා. ඒක ඒ අයගේ දේශපාලන චරිතේ. අපිට වගකීමක් තියෙනවා මේ රට ස්ථාවර කරන්න. අපිට වගකීමක් තියෙනවා මේ රට ශක්තිමත් කරන්න."