තව මඟුලක් ලාල්කාන්තගෙ ඔප්පුව ලාල්කාන්තම ලියාගෙන..ඇමතියා නෙවෙයි මොකා වුණත් නීත්‍යානුකූලව වැඩ කරපු නිලධාරිනිය

Sri Lanka Politician Government Employee Latest Headlines K.D. Lalkantha Sinhala news
By Kaushi Aug 01, 2025 09:29 AM GMT
Kaushi

Kaushi

Report

ඇමතිවරුන්ගේ පදයට නටන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් මෙන්ම ඇමතිවරුන්ගේ දැනුම්දීම්වලට පහසුවෙන් වැඩ කරගත හැකි බවට සමාජයේ ඇති ප්‍රකට කතාව බොරුවක් කළ කතාවක් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කර ඇති බව පැවසේ.

ඒ අනුව ඔහු මෙසේ මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ඔහුගේ නම ප්‍රකාශ කර බලපෑම් කළත් ඊට යට නොවූ රාජ්‍ය නිලධාරිනියක් සම්බන්ධවයි.

ලාෆ්ස් ගෑස් මිල ගැන මෙන්න විශේෂ දැනුම්දීමක්

ලාෆ්ස් ගෑස් මිල ගැන මෙන්න විශේෂ දැනුම්දීමක්

ඒ අනුව ඔහු සඳහන් කළේ,

" මට මැසේජ් එකක් ඇවිත් තිබ්බා මගේ ඉඩමක මොකක් හරි එකක කඩුවෙල ඉඩම් රෙජිස්ටාර් කාර්යාලේ ගැන. මට හරියටම මොකක්ද කියලා ඒ මැසේජ් එක පැහැදිලිත් නෑ. මන් බැලුවා මේ මොකක්ද කියලා. එවපු කෙනාට කතා කරා. එවපු කෙනාගේ නෝනා තමයි කතා කරන්නේ රෙජිස්ටාර් කාර්‍යාලේ. මගෙ නම කියවුණ නිසා එයා මහත්තයට මේක කියලා. හොයලා බැලුවා නංගි මොකක්ද කාරණේ අහලා. නීතීඥ මහත්මයෙක් ඇවිත් තියෙනවා ඔප්පුවක් හදාගන්න. ඇවිත් කියලා ලාල්කාන්ත මන්ත්‍රීගේ සම්බන්ධීකරණ ලේකම් කියලා. එයාගේ ඔප්පුව හදාගන්න ආවේ කියලා. මම කිව්වා එහෙම මම දන්න එකෙක් නෑ කියලා. එයාලා වැඩේ කරලත් නෑ.

චතූ රාජපක්ෂ සමලිංගික පෙම්වතියක්..ද? අහපු ඇයට ඇය දුන්න සංවේදී පිළිතුර, ඇත්තටම අපි දෙන්නා..

චතූ රාජපක්ෂ සමලිංගික පෙම්වතියක්..ද? අහපු ඇයට ඇය දුන්න සංවේදී පිළිතුර, ඇත්තටම අපි දෙන්නා..

හොඳ නිලධාරිනියක් කවුරු වුණත්. ඇමතියා නෙවෙයි මොකා වුණත් නීත්‍යානුකූලව ඇවිත් වැඩේ කරගනින්. අහවල් ඇමතියාගේ මොකා හරි කියලා වැඩ කරන්න අපි බැඳිලා නෑ. ඒ නිලධාරිනිය කවුරු වුණත් හොඳයි. ඕගොල්ලො කියන්නේ මම ඉඩම් ඇමති වෙලා මගෙ ඔප්පුව හදා ගන්න බැරුව ඉන්නේ. අනුරාධපුරේ මගේ ඉඩම් වගයක් තියෙනවා ඉඩම් කච්චේරිවලට ගිහින් දීලා දීලා දැන් වැඩේ හරිලු මන් කිසි මැදිහත් වීමක් වුනේ නෑ. දැන් මම ඒක කල්දානවා. වෙන ඉඩම් ඇමතියෙක් එනකල්. නැත්තම් මගෙ ඔප්පුවට මටමයි අත්සන් කර ගන්න වෙන්නේ. ඒ තව මඟුලක්. ලාල්කාන්තගෙ ඔප්පුව ලාල්කාන්තම ලියාගෙන ඔන්න නිව්ස් එක" යනුවෙන්.

මේ වාහන ගත්තු අයට සොරි තමයි, ගත්ත අයගෙන් බද්ද අය කරන්න යයි සෙල්ලන් නෑ ලක්ෂ 40ක්

මේ වාහන ගත්තු අයට සොරි තමයි, ගත්ත අයගෙන් බද්ද අය කරන්න යයි සෙල්ලන් නෑ ලක්ෂ 40ක්

ReeCha