මැදපෙරදිග උණුසුම අතර - නාමල් රාජපක්ෂ ඉරානයට සහය පළ කරයි

Report

ඉරානයේ හිටපු ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ් ගුවන් ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ බවට වාර්තා වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගැඹුරු කම්පනය පළ කර ඇත.

ඔහු අහමඩිනෙජාඩ් මහතා ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙකු ලෙස විස්තර කර ඇත.

විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් නාමල්රා ජපක්ෂ මහතා සඳහන් කළේ, මෙම ඝාතනය පිළිබඳව තමන් "කම්පාවට පත් වූ" බවත්, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා හිටපු ඉරාන ජනාධිපතිවරයාගේ වැදගත් කාර්යභාරය සිහිපත් කළ බවත්ය.

ඛනිජ තෙල් සංස්ථාවෙන් හදිසි දැනුම්දීමක්

ඛනිජ තෙල් සංස්ථාවෙන් හදිසි දැනුම්දීමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් 2008 දී ශ්‍රී ලංකාවට පැමිණි අහමඩිනෙජාඩ් මහතා සපුගස්කන්දේ තෙල් පිරිපහදුව, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ආරම්භයට සෘජුව දායක වූ බව ඔහු අවධාරණය කළේය.

ඉරානය සැමවිටම ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු බව පවසමින් රාජපක්ෂ මහතා, ගුවන් ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාගේ පවුල්වලට ගැඹුරු සංවේදනය හා ශෝකය පළ කළේය.

අපි ඇමරිකාව එක්ක සාකච්ඡා කරන්නෑ ඒක බොරුවක් - ඉරානය සිය තීරණය කියයි

අපි ඇමරිකාව එක්ක සාකච්ඡා කරන්නෑ ඒක බොරුවක් - ඉරානය සිය තීරණය කියයි

"මෙම අත්‍යවශ්‍ය මොහොතේ අපි ඉරාන ජනතාව සමඟ සිටිමු. යුද්ධ මාවතක් තෝරා ගැනීමට වඩා සංයමයෙන් කටයුතු කර සාකච්ඡා මගින් ගැටළු විසඳා ගැනීමට සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිමු"

ඔහු ප්‍රකාශයේදී අවධාරණය කළේය.

මෙම ඝාතනය මැදපෙරදිග ගැටුම තවදුරටත් උත්සන්න කිරීමේ අවදානමක් ඇති බවත්, එය ගෝලීය සාමයට තර්ජනයක් බවත් ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකාව යුද්ධයට විරුද්ධව සහ සාමයට සහයෝගය දක්වන බව ද ඔහු නැවතත් අවධාරණය කළේය.

ඉරානයට පහරදීමට බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු ඇමෙරිකාවට විවෘත කරයි

ඉරානයට පහරදීමට බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු ඇමෙරිකාවට විවෘත කරයි