ආයේ සෝශල් මීඩියාවල මේවා කරන්න බෑ - ඇමති නලින්දගෙන් ඉඟියක්
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසන පරිදි, ජනතාව පීඩාවට පත් වන ආකාරයේ සමාජ මාධ්‍ය ප්‍රචාරණ නියාමනය කිරීමට සියලුම ක්ෂේත්‍ර ආවරණය වන නීති සම්පාදනය කළ යුතු බව සඳහන් කරයි.
ඔහු මේ බව අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා සඳහන් කරන පරිදි, ආයුර්වේද නිෂ්පාදන සහ විශේෂ ප්‍රතිකාර ක්‍රම සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ සිදු වන ප්‍රචාරණ පවතින නීතිය යටතේ නියාමනය කළ හැකි බව සඳහන් කරයි.
කෙසේ වෙතත්, සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සමාජ මාධ්‍ය නියාමනය කිරීමට අවශ්‍ය නීතියක් මෙතෙක් රට තුළ නොමැති අතර, එවැනි නීතියක් සම්පාදනය කිරීමෙන් මෙම තත්ත්වය පාලනය කළ හැකි බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.